ඌවේ මහ ඇමැති කොළඹදී ගුටි කෙළියක

Published in පුවත්
Thursday, 23 April 2015 07:15

ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ඥති සොහොයුරකු අතර ඊයේ (22 වැනිදා) දහවල් ඇතිවූ ගැටුමකින් ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇත.කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජ ආපන ශාලාවේදී ඊයේ සවස 2.30 ට පමණ මෙම ගැටුම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ දේශපාලන ආරවුලක්‌ මත මෙම ගැටුම සිදුවී ඇති බවයි.

මෙහිදී තුවාල ලැබූ හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව තිබේ. ගැටුමින් තුවාල ලැබූ ඔහුගේ බාප්පාගේ පුත්‍රයා වන ඔන්රි මහීල් ප්‍රනාන්දු මහතාද පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ඔන්රි මහීල් ප්‍රනාන්දු පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ අයෙකි. හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔන්රි ප්‍රනාන්දු මහතා ආපන ශාලාවේ එකට ආහාර ගනිමින් සිටියදී ඇතිවූ බහින්බස්‌වීමක්‌ මෙම ගැටුම දක්‌වා දුරදිග ගොස්‌ ඇත.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට දෙදෙනාම පැමිණිලි කර තිබේ.

"මම මගේ පාඩුවේ පැත්තකට වෙලා සිටියේ...... මට බැන්නා මමත් බැන්නා, තල්ලු කරගත්තා එච්චරයි. යෑයි සිද්ධිය සම්බන්ධව ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේය.

ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කුණුහරුප වචන කියලා බැන්නා. ඒ නිසා මමත් බැන්නා. ඔහු මගේ ඥතියෙකුත් වෙනවා. මම කටවහගෙන ඉන්න කිව්වා එච්චරයි.

ඊට පස්‌සේ මම එනවිට මාව තල්ලු කළා. මමත් තල්ලු කළා. මටත් පහරක්‌ වැදුණා. යෑයි ඌව මහ ඇමැතිවරයා සඳහන් කළේය.

එම ස්‌ථානයේදී මා මාධ්‍යවේදියකුට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදීමටයි සූදානම්ව පැත්තකට වෙලා මගේ පාඩුවේ හිටියේ. ඔහු තමයි මුලින්ම මට බැන්නේ යෑයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

divaina

Last modified on Thursday, 23 April 2015 07:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us