එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හිමි නොවූ දුමින්ද සිල්වා සහ සජින් වාස් ගුණවර්ධන ස්වාධීනව මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රීලනිපයේ මෙතෙක් නාමයෝජනා සඳහා අත්සන් නොතැබූ ප්‍රබලයන්,ජාතික හෙළ උරුමයේ සංශෝධිත නම වූ එක්සත් යහපාලන ජාතික පෙරමුණ, මෙන්ම වාමාංශික නැඹුරුවකින් යුතු පක්ෂ ඒකාබද්ධව "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" යනුවෙන් "අලියා" ලකුණින් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට යන බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරමින්  ජනවාරි 08 රටේ ජනතාව ලැබූ ජයග්‍රහණය පාවා නොදෙන ලෙස සහ නැවත ජාතිවාදී මහින්ද රාජපක්ෂ ඇතුලූ දූෂිත නඩය බලයට පත්වීමට ඇති සියලූ ඉඩ කඩ අහුරන ලෙස ඉල්ලමින් පැවැත්වූ  කලූ විරෝධය අද(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.

මීට පෙර කලා වැව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධාකවරයා වූයේ දුමින්ද දිසානායක මහතාගේ පියා වූ දිවංගත අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කළ පිරිස සන්ධානයෙන් ඉවත්ව  වෙනම කණ්ඩායමක් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතව මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා  නොසන්සුන් වී ඇතැයි වාර්තාවේ. 

මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම සහිත නව සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආර්සී විජේගුණරත්න මහතා පත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ම තරඟ වැදීමට සූදානමින් සිටින බවට ප්‍රවෘත්තියක් පලවිය.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us