ලංකාවේ පත්තර කලාවට නවමු අත්දැකීමක් එකතුකරමින් `සත්හඬ` ඉරිදා පුවත්පත 2015 ජූලි 05 වැනිදා සිට වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතින බව 'ලංකා ඩේලි' වෙත වාර්තා වෙයි. ජාතිවාදයට එරෙහි ජාතික ආණ්ඩුවක් යන දේශපාලන තේමාව සහිත පුවත්පතක් ලෙස, සත්‍යය අවැසි මොහොතක `සත්හඬ` සටන්බිමට එන  බව `සත්හඬ` කර්තෘ මාණ්ඩලික ප්‍රකාශකයකු පැවසීය.

ඊයේ(28) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී තමන් මහින්දව පරාජය පත්කළ ආකාරයටම මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වුණොත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය වළලා දැමීමට ක්‍රියා කරන බවයි.

ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන අායතනයන්හි රුපියල් බිලියන ගණනාවක් රාජපක්ෂලාගේ දේශපාලන කටයුතු සදහා වැය කොට අැති බවට තොරතුරු අනාවරණය වී අැති බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) පැවති හෙළිදරව්ව 06 මාධ්‍ය හමුව අමතමිනි.

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 17 වනදා නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රටට අවශ්‍යකර තිබෙන ආර්ථික විප්ලවය සිදුකිරීමට හැකියාව අැත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම  ලබන  ජූලි 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

2012 වර්ෂයේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දාහත් හැවිරිදි දියණියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවන්ට එරෙහිව ඇප නියම කිරීම පිළිබඳ තීන්දුව ජුලි මස 03 වනදා ලබාදීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 11 වන සෙනසුරාදා පැවැත්වේ.

ld add copy

Connet With Us