ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දූ වූ නිදහස් අන්තර්ජාල සේවා සැපයුම් කලාප (free wi fi zone) පිහි‍ටු වීමේ වැඩ පිළිවෙල යටතේ පළමු අදියර කොළඹ දුම්රියපොළ පරිශ්‍රයේදී ලබන සඳුදා විවෘත කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බවද තමාට දැනගන්නට ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රිවරු මේ වන විට දේශපාලන පෙරළියකට සූදානම් වී සිටිති. එය ඔවුන් හතරවැනි තට්ටුව නමින් නම්කර තිබේ. පසුගියදා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට හිමිකම් කියූ ශාන්ත බණ්ඩාර මහතා මෙම තරුණ සංවිධානයේ සභාපති ධුරය හොබවන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේය.ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යැයි කියන වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහාය.

චීන ශ්‍රී ලංකා අතීත සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, චීනය සහ ශ්‍රී ලංකාව අතර අංග සම්පුර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමට අවශ්‍ය ආධාර ලබා දිම ඇතුළු සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජීය සහ ආර්ථික සංවර්ධනයට අදාළ ගිවිසුම් හතරකට ඊයේ (26) අස්සන් තැබුණි.

ශ්‍රි ලනීපය දෙකඩ කරමින් මහින්ද රායජපක්ෂ අගමැති කරවීමේ ව්‍යාපාරය ඊයේ (26) රත්නපුර නාගරික ක්‍රීඩා පිටිය අසල කුලී රථගාලේ පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙක් සහභාගි වූහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලූම බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙසට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

 

රාජ්‍ය ආයතන ඉදිරිපිට ව්‍යාපාරික අරමුණු මත රැඳී සිටිමින් ජනතාවගෙන් මුදල් අයකරගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us