මේ වසරේ ගතවූ සය මසක කාලය තුළ රුපියල් බිලියන 06 ක වටිනාකමකින් යුත් සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව විසින් හිමිකරගෙන අැති බව ලංකා අයෝජන මණ්ඩලය පවසයි.

ජ.වි.පෙ. ස්ථාපිත කරන ලද්දේ කැසිනෝ කාරයෝ , කළු සල්ලිකාරයෝ මෙන්ම, අවි ජාවාරම් කාරයෝ සමඟ එසේත් නොමැති නම් එ.ජා.ප. සමඟ ගනුදෙනු කිරීමට නොවන බවත්, නමුත් මේ වන විට එම ගණුදෙනු පැහැදිලි බවත්  සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ “ජනතා සේවක පක්‍ෂය“ නම් වු නව පක්ෂයේ ප්‍රථම මහ සමුළුව ඇමතු අවස්ථාවේදීය‍.

සේවය හැර ගිය ගුවන් සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් නැමැත්තා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව වාර්තා වේ.

ටිරාන් අලස්ව එළැඹෙන 6 දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව අද (29) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) දඹුල්ලේ පැවැති ජන හමුවකදී පැවසීය.

මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් තැන්පත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සහාය ලබා ගැනීමට වාමාංශික පක්‍ෂ හා සුළු පක්‍ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක්‌ අද (29 වැනිදා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ld add copy

Connet With Us