හිටපු ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි ඇමති ධුරයෙන් ඉවත් වීමට හේතුවූයේ ඇයගේ අනවසර මැණික් පතල් කිහිපයක් වටලා එහි සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා බව වාර්තා වේ.

නීති ආධාර කොමිසන් සභාවට පසුගිය වසර දෙකේ දී පමණක් දික්කසාද හා නඩත්තු නඩු 32000ක් ඉදිරිපත්ව තිබේ.

අමාරුවෙන් ලබාගත්  ජයග්‍රහණය නැවත හැරවිය හැකි දූෂිතයන්ගේ ප්‍රතිවිපල්වයක් සිදුවිය හැකි බව වටහාගෙන  ආණ්ඩුව ඡන්දයක් වෙත යායුතු බව  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්  අමාත්‍ය කබීර්  හෂීම් පවසයි.

යාපනයේ කයිට්ස්වලදී පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමට එරෙහිව අද (29) කොළඹ කොටුවේදී ගුරු-දෙමව්පිය-සිසු නිහඬ විරෝධතාවයක නිරත විය.

ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් ඝාතනය කළේ කවුද හා එය කළේ කාගේ උවමනාවටදැයි පරීක්ෂණ කරන බව නීතිය සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

රිය අනතුරකින් ඔහුගේ මරණය සිදුවූ බව කියැවුණත් ඔහු මියගොස් ඇත්තේ අනතුරකින් නොව ඝාතනයක් නිසා බව ඒ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයෙකුට නොගැලෙපන අයුරින් කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේය. කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය මැතිවරණ සමයේ වත්මන ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ ප්‍රාදේශීය දේශපාලකයින් කිහිප දෙනෙකුට ඇමති ආරක්ෂක ඒකකය මගින් ආරක්ෂාව ලබාදෙන බව වාර්තා වේ. මේ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අසාත් සාලි, එස් එම් මරික්කාර්, මනෝ ගනේෂන්, ප්‍රසන්න සෝලංගආරච්චි යන පිරිසට ඇමති ආරක්ෂාව ලබාදේ.

ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් තමන් දරන ඇමැතිධූරවලින් ඉවත් වීමට සූදානම් නැති බව ඇමැතිධූරවලින් ඉවත්ව ගිය රාජපක්ෂවාදී ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ld add copy

Connet With Us