යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවට නංවාලීම සහතික කර ගැනීම සඳහා බලපෑම් කරමින් තවදුරටත් ජාතික විධායක සභාව තුළ රැඳී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 

දින සීයයේ වැඩ පිළිවෙල ප්‍රකාරව අප්‍රේල් මාසය අවසන් වන විට පාර්ලිමේතුව විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතු බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන බලතුලනයත් සමගින් ඉන්දීය බුද්ධි ‍අංශ සේවා සහ ශ්‍රී ලංකා බුද්ධි අංශය ඒකාබද්ධවෙමින් පාකිස්ථාන අන්තර් සේවා බුද්ධි අංශයේ (ISI) මෙහෙයුම් කටයුතු මර්ධනයට පියවර ගැනීමේ වැඩපිළිවෙලකට සූදානම්වන බව ‘ද ඒෂියන් ඒජ්‘ පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී මෙනවිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

2015 අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට වැඩිකරන ලද රුපියල් 10 000 ක දීමනාව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්හට නොගෙවීම හා ඒ පිළිබදව මෙතෙක් සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබදව විරෝධය පළකිරීම උදෙසා සෙත්සිරිපාය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අද (02) දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේය.

වත්මන් රජයේ ආර්ථිකය සම්බන්ධයෙන් වන වගකිමක් උසුලන ඇමැතිවරයෙක් විසින් යහපාලනයේ නාමයෙන් මේවන විට ජාවාරම් ‍රැසක නිරතව සිටින බව අනාවරණය වේ. පසුගිය රාජපක්ෂපාලන සමයේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ භුමීකාවට පණ පොවමින් සිටින මේ ඇමැතිවරයා විසින් මේවන විට ක්ෂේත්‍ර ගනනාවක ව්‍යාපාරිකයන්ගේ කොමිස් අයකරමින් සිටින බව හෙළිව තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමේ සභාපතිවරයාට ඊයේ (01)පැමිණිල්ලක් භාරදී ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us