මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට රජයේ කිසිදු නිළධාරියකුට ස්ථාන මාරූකිරීම් සිදු කළ නොහැකි මුත් පසුගියදා පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරූකිරීම් කිහිපයක් සිදු කෙරිනි එහිදී රාජකාරීම අවශ්‍යතා යනුවෙන් සාධාරණීකරණයක් කිරීමට උත්සහයක් ගත්තද මෙලෙස ඇතැම් මාරුකිරීම් සිදුකර අත්තේ දේශපාලන හිතවත්කම් මත බව හෙළිවේ.

ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධූර දැරූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකුට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම ප්‍රබල අමාත්‍යාංශ දෙකක අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරු මන්ත්‍රීවරුන් ද සිටින බව සන්ධාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉදිරියට ගලන එජාප ප්‍රවාහය ආපසු හැරවීමට හැකි ජගතකු නැති බවත්, බුද්ධි අංශ වාර්තා අනුව එජාපය මේ ඡන්දයෙන් නිසැකව ආසන 130 ක් ලබාගන්නා බවත් මහජන සාමය හා ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා නැතැයි අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුව මගින් දන්වා සිටියි.

පසුගිය වසරේ මෙම කාල සීමාව වන විට අප හට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත්කිරීමට අපේක්‍ෂකයන්ව ඇහිඳ ඇහිද සිටීමට සිදුවූ බවත් මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් මහ මැතිවරණයට තරගකිරීමට 16,000ක් ඉල්ලුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී වන්නි පලාතේ භාණ්ඩ බෙදීමක නිරතවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා පවසයි.

ජනවාරි 8 වැනිදා කෙරුණු විප්ලවයක් පාවා නොදෙන්නැයි ජනාධිපතිවරයාට බල කෙරෙන සටන් පාඨ පසුගිය දින කිහිපයෙහි දක්නට ලැබුණි. සැබැවින්ම ජනවාරි 8 විප්ලවීය වෙනසක් ලංකාවෙහි සිදුවුණිද ? කොහෙත්ම නැති වගට හොඳම උදාහරණය සැපයුණේ ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාමයෝජනා ලබා දෙන්නට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වීමෙනි. ජනවාරි 8 මුහුණට මුහුණ සටන තිබුණේ මේ දෙදෙනාගේ නායකත්වයෙනි. කැමැත්ත අකැමැත්ත බලකිරීම් හෝ පොලිටිකල් ගේම් පසෙක තිබියදී දැන් දෙදෙනාම එකම පක්ෂයේ ය.

ld add copy

Connet With Us