මිලියන 25ක් පමණ වූ Android ජංගම දුරකථන ප්‍රමාණයක් නවතම Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හෙළිදරව් වී තිබේ. මෙම Malware යෙදුම් චීන අන්තර්ජාල සමාගමක් සතු Android මෙහෙයුම් පද්ධතිය සදහාවූ යෙදුම් ලබාගැනීමට ඇති ‘9Apps‘ නම් යෙදුම් වෙළදසැලෙන් Android ජංගම දුරකථන මිලියන 25කට පමණ පැතිරිගොස් ඇතැයි සොයාගැනීම් වලදී හෙළිවී තිබේ.

සීතල යුද්ධයක් ලෙස පැවැති රවීට මංගල ගැ‍ටුම මේ වන විට එළිපිට ගැ‍ටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී. මෙහි උණුසුම් අවස්ථාවක් ඊයේ වාර්තා විය. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් ‍රැස්වීම අතරවාරයේදී විදුලිබල ඇමැති රවී කරුණානායක විසින් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල්, මුදල් අමාත්‍යංශය විසින් ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කළේය. (පසුගියදා මෙම අර්බුදය නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබුණු බව වාර්තා විය. )

දේශපාලනයට සම්බන්ධ වී සිටින බහුතරයක් කහකඩධාරීන් මළ පෙරේත අමු තක්කඩියන් බව හෙළිකිරීමට අවශ්‍ය සාක්ෂි සහිත අවස්තාවක් ලබා දීමට තිනියාවල පාලිත නම් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණෙ ලේකම් වරයා  මේ ඊයේ පෙරේදා කටයුතු කර ඇත.

ඇමරිකාව සමඟ අත්සන් කළා යැයි පැවැසෙන ගිවිසුමක් (SOFA) ගැන විපක්ෂයෙ දේශපාලන පක්ෂ විසින් නඟන චෝදනාවට අද දින අගමැති රනිල් වික්ර්මසිංහ විසින් පැහැදිලි පිළිතුරක් ලබා දෙනු ලැබුවේය. ඒ අනුව මෙම ගිවිසුම 1995 වසරේ සිට මෙතෙක් ක්‍රියාත්මකව පවතින ගිවිසුමකි.

"...තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා.

මෙරට රියැදුරු බලපත් හිමි විදෙශගත ශ්‍රී ලාංකිකයන්ට එම රියැදුරු බලපත්‍ර විදේශීය රියැදුරු බලපත්‍ර බවට හරවා දෙන බව කියමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. මේ වන විටත් යුරොපයේ විශාල පිරිසක් මෙම ජාවාරමට අසුවී ඇති බවද දැන ගැනීමට තිබේ. සමාජජාලා සම්බන්ධතා ඔස්සේ මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇත.

එළඹෙන ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට ගොඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි. සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වන විට එල්ල කරම්න් සිටින ප්‍රහාර හමුවේ මෙම තීරණය ගෙන තිබේ.

පොහොට්‍ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ සතියේදී මහා සංදර්ශනයක් සමඟ කළඑළි බැසීමට නියමිතව සිටි ගොඨාභය රාජපක්ෂට අපේක්ෂක සිහිනය තබා මෙරට වාසය කිරීමද අත් හැර දැමීමට සිදුවන වාතාරණයක් ඇතිව තිබේ.

ld add copy

Connet With Us