චීන කාබනික පොහොර මෙරටට ගෙන එම අත්හිටුවයි !

Published in පුවත්
Wednesday, 29 September 2021 11:37

ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් රට තුළ ඇති කළ චීන කාබනික පොහොර තොගය මෙරටට ගෙන ඒම නතර කර දමන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

චීනයෙන් ගෙන ඒමට සැලසුම් කළ කාබනික පොහොර තොගයට අදාළව දෙවැනි සාම්පලයේ ද පැහැදිලිවම ව්‍යාධිජනකයින් සිටින බවට තහවුරු වීම මත අදාල පොහොර තොගය ඒම නතර කර දමන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මහ කන්නයේ වගාව සඳහා ගොවි ජනතාවට කඩිනමින් ලබාදීම පිණිස කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම් කළ ද අදාල පොහොර තොගය ව්‍යාධිජනකයින් සහිත වීම මත ශාක ආරක්ෂණ පනත ට පටහැනිව කටයුතු කළ නොහැකි වීමත් රට තුළට ව්‍යාධිජනකයින් ඇතුලත් කර ගනිමින් හානිකර පරිසර තත්වයන් ඇතිවීම වළක්වාලීම හේතුවෙන් මෙලෙස පොහොර තොගය ගෙන ඒම නතර කර දැමූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us