දිනක් තුළ වාර්තාවූ අඩුම ආසාදිතයින් ගණන ඊයේ දිනයේ !

Published in පුවත්
Wednesday, 29 September 2021 11:30

දින 86කට පසු මෙරටින් දිනක් තුළ අඩුම කොරෝනා ආසාදිතයන් පිරිස ඊයේ දවසේ වාර්තා වුණා.

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 932 නෙකු හදුනාගෙන තිබෙනවා. එය දින 86 කට පසු දිනක් තුළදී මෙරටින් හමුවූ අඩුම ආසාදිතයන් පිරිසයි.

එමෙන්ම රෝගීන් දහසේ සීමාවට අඩුවෙන් මෑතක අඩුම රෝගීන් පිරිස හමුවූ දෙවන දිනය ලෙසද වාර්තා අතරට එක් වනවා. කොරෝනා රෝගීන් දහසකට වැඩි පිරිසක් දිනක් තුළදී අවසන් වරට සොයාගෙන ඇත්තේ පසුගිය ජූලි මස පස් වනදායි.

මෙරටින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ පහලොස් දහස් පන්සිය විසි හතර දෙනෙකු වනවා. මේ අතුරින් හාර ලක්ෂ පනස් හය දහස් අසූ හත් දෙනෙකු සුවය ලැබුවා. හතලිස් හය දහස් හයසිය පනස් එක් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා මරණ 12786 ක් සිදු වුණා. ඊයේ දිනයේ දී පීසිආර් පරීක්ෂණ 7231 ක් සිදු කළා. ඇන්ටිජන් පරීක්ෂණ 2675 ක් සිදු කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us