ඊයේ (28) දිනයේ කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයින් 35,412 දෙනෙකු සඳහාත් දෙවන එන්නත් මාත්‍රාව පුද්ගලයින් 36,881 දෙනෙකු සඳහාත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 11,700,763 දෙනෙකු එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.
පුද්ගලයින් 14,471,052ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර මෙරට ජනගහනයෙන් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
-පංචාලි අබේසේකර