මාධ්‍යවේදීන් වෙනුවෙන් හඩ නැගු ඩලස් !

Published in පුවත්
Tuesday, 28 September 2021 20:03

පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු රහස් පොලීසියට කැදවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමා ප්‍රථමයෙන් කණගාටුව පළකරන බවද, එය ආණ්ඩුවක් වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරම මෙය නොවිය යුතු දෙයක් වශයෙන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද දින (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

රහස් පොලීසිය වෙත කැදවා තිබූ නිවේදන අයිලන්ඩ් සහ ලංකාදීප යන පුවත්පත් මාධ්‍ය ආයතන දෙකෙන් යොමුකර තිබූ බව සිහිපත් කළ ජනමාධ්‍ය ඇමතිවරයා, මේ සම්බන්ධයෙන් අගමැතිතුමාගෙන් කළ විමසීමේදී කිසිසේත් මේ අයුරින් මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැදවා ප්‍රශ්න කිරීම් නොකළ යුතු බවට පැහැදිලිව අවධාරණය කළ බවද, විෂයභාර අමාතය සරත් වීරසේකර මහතාද කිසි අයුරකින් රහස් පොලිස් නිලධාරීන් එම මාධ්‍ය ආයතන වලට එවන්නේ නැති බව පැවසූ බවද සිහිපත් කරමින් ඒ පිළිබදව අගමැතිතුමාට සහ අමාත්‍ය සරත් වීරසේකර මහතාට ස්තුතිවන්ත වී තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට සහ රාජ්‍ය අමාත්‍යවරයාට සුදුලූණු වංචාවක් සම්බන්ධයෙන් හිටපු නිලධාරියෙකු ඇගිල්ල දිගුකළ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඒ පිළිබදව පැමිණිල්ලක් සිදුකළද ආයතන නම් කිරීමක් සිදු නොකළ බවද ඔහු එහිදී පවසා තිබේ.

එමෙන්ම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වංචනික තක්කඩි දේශපාලනඥයෙක් නොවන බැවින් එවැනි පැමිණිල්ලක් සිදුකිරීම යුක්ති සහගත යැයිද, තමා ආණ්ඩුවක ගොරෝසු දරදඩු ඒකාධිපති නීති වලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියෙකුව සිට අද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින වකවානුවක මෙලෙස මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැදවීම සම්බන්ධව කිසිසේත් එකඟ නොවන්නේ යැයිද මෙය මුළුමනින්ම බැහැර කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව අගමැතිතුමාට සහ විෂයභාර අමාත්‍යතුමාට ස්තුතිවන්ත වන අතරම ඊට සම්බන්ධ සියලුම මාධ්‍යවේදීන්ට කණගාටුව පළකරමින් මෙවැන්නක් යළි සිදුනොවීමට සහතික වන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා එම හමුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us