මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම දරුණු ඝණයේ අපරාධකාරයෙකු වූ වැල්ලම්පිටියේ ‘කුඩු මානි’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේදී සිංහපුර ප‍්‍රදේශයේදී කපා කොටා මරා දමා තිබේ.

රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.

රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් රේගු බාරයට ගත් තවත් සැකකටයුතු කන්ටේනරයක් අද(23) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට රාජ්‍ය ආයතනවලින් තෝරාගත් විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම, දියතලාව ස්වේච්ඡා බළසේනා පුහුණු පාස‍ලේදී ස්වේච්ඡා බළසේනාධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදු කෙරිණි.

ලේක්හවුස් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව මෙහෙය වන අලුත්ම ප්‍රවෘත්ති රැගත් පුවත් සේවයක් අද (23) සිට ඇරඹේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලට 'සිරස' මාධ්‍ය ජාලයට හොර රහසේ සහභාගිවීමට උත්සාහ කළ සිරස රූපවාහිනියේ ක්‍රීඩා මාධ්‍යවේදී රොෂාන් වටවල හරිපාරේ යැවීමට එම්.බී.සී. නෙට්වර්ක්ස් හි අධිපති රාජා මහේන්ද්‍රන් කටයුතු කර තිබේ.

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

සිංහල චිත‍්‍රපට නීති විරෝධි අයුරින් තැටිගත කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු නාත්තණ්ඩිය නගරයේ දී මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Latest News

සයිනොපෙක් සහ IOC සමාගමද ඉන්ධන මිළ ඉහල දමයි

සයිනොපෙක් සහ IOC සමාගමද ඉන්ධන මිළ ඉහල දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල...

Connet With Us