රූපලාවන්‍ය සැත්කමක් කරගැනීමට ගොස් එන්නතක් ශරීරගත කරන විට මියගිය රිජ්වේ ළමා රෝහ‍ලේ වෛද්‍යවරිය එම සැත්කම කරගැනීමට ගිය රූපලාවන්‍ය සායනයට දේශපාලනඥයන්ද නළු නිළියන් ද පැමිණෙන බව අනාවරණය වී ඇතැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ බදාදා(13) මහනුවරට ගොස් බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කළහ.

එල්.ටී.ටී.ඊය සතුව තිබූ මුදල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේදී තමන් සාක්ෂි දීමට සූදානම් බවද මංගල සමරවීර මහතා පවසයි.

පිලිකා රෝගය නිසාවෙන් අද (13දා) උදෑසන දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට  (14)  සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයය ප්‍රථම වතාවට ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයෙන් යුත් අයැදුම්කරුවන් පිළිගෙන තිබේ.

තරුණ බව රැක ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරනයි.  ඒ අනුව අද උදෑසන ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ෂණ කණ්ඩායමක් බම්බලපිටියේ පිහිටි අදාළ රූපලාවණ්‍ය සායන මධ්‍යස්ථානය පරීක්ෂා කළේය.

යුද හමුදාවේ කර්නල්වරුන් 24 දෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පියවර ගෙන ඇත.

යුද්ධයේදී අතුරුදහන් වුවන් සොයා බැලීමට කියමින් රාජපක්ෂ රෙජීමය පත් කළ ජනාධිපති කොමිෂමට පසුව  පත් කළ ජාත්‍යන්තර විශේෂඥයින් තිදෙනා අපරාධ කළ ලොක්කන් බේරා සොක්කන් පිට වරද පැටවීම ගැන ඉන්ටර්නැෂනල් කප් ගැසූ තිදෙනෙක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඉන්  එක් අයෙක් ගඩාෆි ඒකාධිපතියා බේරා ගැනීමට ඉදිරිපත් වූ කුප්‍රකට අයෙක් බවද අද හෙළිවිය. 

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us