ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමිගේ ආශ්‍රමයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බව“සඳහම් සෙවණ“-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ “වත්තහේනේ විජිත හිමි පවසයි.

චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ ප්‍රධානීන් දළඳා ආශිර්වාදය ලබාගැනීමට හෙට(20) දින මහනුවරට යාමට නියමිතය.

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවය මේ වන විට ක්‍රියාත්මකය.ඒ යටතේ ත්‍රිකුණාමලය සහ බදුල්ල දිස්ත්‍රික්ක වල පුද්ගලයින් 11216 කට සේවා සපයා ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර මහ රෝහලේ මහල් 6 න් යුතු ගොඩනැඟිල්ලක් වන 'මහාචාර්ය ඒකකයේ'හදිසි ගින්නක් හටගෙන තිබේ.එම ගින්නෙන් රුපියල් කෝටි 50 ක පමණ අලාභයක් සිදුව ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසයි. 
වත්මන් පරම්පරාවේ සිට සියලූම ළමා විවාහ නවතා දැමීමට අප‍්‍රිකානු සංගමය තීරණය කර තිබේ.

මරණ දඬුවම නියම වු ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීයාව ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළකර තිබේ.

ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට සැපත්වන විට රටේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයෙක්‌ බව අගමැති දි.මු. ජයරත්න මහතා  පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේය.

රාජිත බඩු අස් කරගනී.

Published in පුවත්
Thursday, 20 November 2014 11:28
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ld add copy

Connet With Us