ගෝඨාභය අලි පැටවුන් භාරදෙයි

Published in පුවත්
Sunday, 01 February 2015 09:12

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී අැත.

වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් එක් අලි පැටවෙකු නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

අනෙක් අලි පැටවාද ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පතක් යොමු කර තිබූ බවයි වසන්ත සේනානායක මහතා පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ සතුව සිටි අලි පැටවුන් දෙදෙනා තමන්ට රැකබලා ගැනීමට නොහැකි බව පැවසූ නිසා තමන් එම අලි පැටවුන් පින්නවල අලි අනාථාගාරයට භාරදුන් බවත් මෙම අලි පැටවුන් දෙදෙනා පින්නවල අලි අනාථාගාරයට භාරදීමට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ට දුරකතනයෙන් ඒ බව දැනුම්දුන් බව වසන්ත සේනානායක මහතා පැවසුවේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අතින් නීති විරෝධී කටයුත්තක් මෙහිදී සිදුව නොමැති නමුත් මෙම අලි පැටවාගේ මුල් භාරකරුවන් පිළිබඳව සොයා ගැනීමක් සිදු කරන බවද පැවසූ වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

''මේ අලියට දැන් අවුරුදු 04යි. මේකේ තිබෙන්නේ 2014 දුරුතු මාසයේ 10 වැනිදා කියලා. එවිට මේ අලියාගේ වයස මීටත් අඩුයි. ඊට පෙර සිටියේ පන්සලකලු. එතොකොට ඊටත් අඩුයි. ඒ අලියා අල්ලනකොට ඌත් අවුරුදු 02ක විතර අලියෙක් වෙන්නෙති මම හිතන හැටියට.

හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ කිසිම සම්බන්ධයෙක් නැතුව ඇති වැරදි වැඩකට. හැමදෙයක්ම පිටිපස්සේ අපි යන්න අවශ්‍යයි. මේ අලියා මුලින්ම කා ලඟද සිටියේ කියලා බලන්න අවශ්‍යයි.''


කෙසේ නමුත්, වන අලින් 140 කට ආසන්න ප‍්‍රමාණයක් තවමත් නීතිවිරෝධී අයුරින් ඇතැම් පුද්ගලයන් ළඟ තබාගෙන සිටින බවට තොරතුරු වාර්තා වන බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us