ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ලිබියාවේ වෙසෙන සහ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.
ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් හෝ වෙන කවරෙකු වුවද මුහුණ ආවරණය කරගෙන නොපැමිණිය යුතු බවත්, එයට කිසිසේත් ඉඩනොදෙන බවත්, නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළ බව ජාතික හෙළඋරුමය පවසයි.
මීළඟ ජනාධිපතිවරණයේදී රට හැරවුම් ලක්ෂයක් කරා ගමන් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
රාජකාරී කාලසීමාව තුළ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.