අලි පොත හමුවූවා(video)

Published in පුවත්
Friday, 30 January 2015 14:07

පසුගිය අාණ්ඩුව සමයේ අස්ථානගතවූ අලි පොත නැවත හමුවූ බව සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.ඔහු මේබව පැවසූයේ සංචාරක අමාත්‍යාංශයේ  ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය.

'මම මේ ධූරයේ වැඩ භාර ගත් පසු මුලින්ම නීති විරෝධී අලි පැටවෙකු අල්ලා ගත්තේ ප්‍රභූවරයෙකුගෙන්.අලි පැටියා තබා යන ලෙස බලපෑම් පැමිණියත් මම ඒවාට යටත් වූයේ නැහැ' යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවසන කිරුළපන, ඇලන්මැතිනියාරාමයේ රඳවාගෙන සිටි කුඩා අලි පැටවෙකු මුදා ගැනීම සඳහා පසුගියදා සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා, වනජීවි නිලධාරීන්, පරිසර සංවිධාන ඇතුළු පිරිසක් එම විහාරස්ථාන පරිශ්‍රයට ගොස් තිබේ.

එහිදී වසන්ත සේනානායක මහතා කියා සිටියේ එම අලි පැටවා නීත්‍යානූකූලව ලියාපදිංචි කර නැති අලි පැටවෙකු බවත් මේ ගැන ලැබුණු තොරතුරක් මත එම අලියා මුදා ගැනීමට පැමිණි බවත්ය.

අලි පැටවුන් රඳවාගෙන සිටින අය ගැන බොහෝ තොරතුරු මේවන විට ලැබී ඇති බවත් එසේම ව්‍යාජ ලියකියවිලි මත අලි පැටවුන් රඳවාගෙන සිටින පුද්ගලයින්ට එම අලි නැවත බාරදීමට සහන කාලයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නමුත් පසුව නියෝජ්‍ය ඇමතිවරයා සමග උඩුවේ ධම්මාලෝක හිමි දුරකථනයෙන් කථාකර අදාළ නීතිමය තත්වය පැහැදිලි කර අලි පැටවා රැගෙන යන්නට අවසරය ලබාගත් අතර අලිපැටවා සමග සිටි අනෙක් ලොකු අලියාවද අද පැටවා සිටින තැනට රැගෙන යන ලෙස උඩුවේ ධම්මාලෝක හිමි දන්වා ඇත්තේ පොඩි පැටවා ලොකු අලියා නැතිව නොසිටින බව කියමිනි.

මේ අතර කිරුලපන ඇලන් මැතිනියාරාමයේ දී සොයාගත් අලි පැටවා උඩවලවේ අලි අනාථාගාරයට යවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ 29 නියෝග කළේය'

අලි පැටවා අධිකරණයට ඉදිරිපත් කරමින් වනජීවී නිලධාරීන් පැවසුවේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවා එහි තබාගෙන සිටි බවයි.

ඇලන් මැතිනියාරාමයේ විහාරාධිපති හිමි කවුදැයි බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දෙවැනි තෙවැනි වරටත් හොර අලින්ව ප්‍රභූවරුන්ගෙන්ම අැල්ලීමට සිදුවනු අැති බවය.මේ වන විට අමාත්‍යාංශයෙන් බලපත්‍ර 383 ක් නිකුත් කර අැති බවද අමාත්‍යවරයා පැවසුවේය.

wasantha-senanayeka2

wasantha-senanayeka1

wasantha-senanayeka

Last modified on Friday, 30 January 2015 14:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us