කැපුම් කෙ‍ටුම්වල ගණන් හිලව් ඉල්ලුවැයි දොස්තරලා වර්ජනයේ.

Published in පුවත්
Friday, 30 January 2015 14:32

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝගීන් සැත්කම්වලට භාජනය වීමේ කි‍්‍රයාවලිය මුළුමනින්ම අඩාල වී අැත. හෘද ශල්‍ය වෛද්‍යවරුන් රාජකාරී කටයුතු වලින් ඉවත්ව යාම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය. එක් දිනකදී රෝගීන් හය දෙනෙකු සැත්කම් වලට භාජනය කළද මේ වන විට එම තත්වය මුළුමනින්ම මග හැරී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය. ඒ අනූව දැනට සැත්කම් සඳහා ලැයිස්තුගතව සිටින රෝගීන් සංඛ්‍යාව 650කට ආසන්නය.

මෙතෙක් සිදු කරන ලද සැත්කම් සහ ඊට අදාළ තොරතුරු අදාළ ශල්‍ය වෛද්‍යවරුන් ගෙන් විමසීම මෙවැනි ගැටළුවක් ඇති වීමට හේතු වී අැත. නව රජය පත් වූවායින් පසුව මෙම ගැටළුව ඇති වී තිබෙන බව ඔවුහු පවසති. සෞඛ්‍ය අමාත්‍යාංශය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනුම්දී ඇත්තේ රෝහලේ සැත්කම් සිදු කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන ලෙසය.

ශල්‍යකර්ම සිදු කිරීමට සිටින තමන්ගෙන් සංඛ්‍යාලේඛන ඉල්ලා සිටීම සාධාරණ නොවන බව පවසමින් අදාළ වෛද්‍යරුන් රාජකාරීවලින් ඉවත්ව ගොස් ඇත.

මෙම තත්වය සම්බන්ධයෙන් කළ විමසිමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් තමන් පූර්ණ අවධානය යොමු කර ඇති බවය. අදාළ තොරතුරු රැස්කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවද ඔහු ප‍්‍රකාශ කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us