ඌවේ නව අැමති මණ්ඩලය දිවුරුම් දෙයි

Published in පුවත්
Friday, 30 January 2015 13:37

ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ අද(30) දිවුරුම් දුන්නේය.

මේ අනූව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සමාජ, සුභසාධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන, ප‍්‍රවාහන හා ඉදි කිරීම් අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන් අතර ආනන්ද කුමාරසිරි මහතා ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂණ, වනිතා කටයුතු හා විදුලි බල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, සමූපකාර, සත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස රවී සමරවීර මහතා දිවුරුම් දුන්නේය. කී‍්‍රඩා හා යෞවන කටයුතු, පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස වඩිවෙල් සුරේෂ් මහතා දිවුරුම් දුන්නේය.

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා අද පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩභාර ගැනීමෙන් අනතුරුව මෙම දිවුරුම්දීම් සිදුවූයේය.

Last modified on Friday, 30 January 2015 15:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us