දැනට මසක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් ලක්ෂ 23 ක් ඉක්මවූ කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල් (EPF) වල විනිවිදභාවය හා සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලු රැසක් පැනනැගී ඇති බවට කම්කරු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නෙකු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ තරග ප්‍රවේශ පත්‍ර මගඩියක නිරතව සිටින බව වාර්තාවේ.

බේරුවල - අලුත්ගම ප්‍රදේශවලදී පසුගිය ජුනි මස 15 වැනි දින සිදුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාරව නිසි පරිදි තම රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු එසේ ඉල්ලා අස් නොවන්නේ නම් ඊට විරෝධය දක්වා තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් දක්වමින් පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ නම් දක්ෂ නිලදරුවකු රටට අහිමි කිරීම පිළිබඳ විරෝධය පාමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

පසුගියදා මුලතිවු දිස්ත්‍රික්කයේ දී පවත්වන ලද අතරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ පැමිණිලි භාර ගැනීමක දී අලුතින් පැමිණිලි 300 ක් ලැබුණු බව එම කොමිසමේ සභාපති හිටමු මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා පවසා 'කල්ම්බෝ ගැසට්" වෙබ් අඩවියට පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ කණ්ඩායම්වල මාධ්‍ය ක්‍රියාකාරකම් වළක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කර ඇති නියෝගය ගැන පළවී ඇති වාර්තා මත ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

කොන්ද කෙළින් තියෙන බෞද්ධ භික්ෂු නායකත්වයක් තවම මේ රටේ පහළ වී නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත්‍යංශයේ මුස්ලිම් ආගමික අංශ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණය ඉදිරියේදී පවසා තිබේ.

ඕස්ටේ‍්‍රලියාවේ ආගමන විගමන හා දේශසීමා ආරක්‍ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා විශේෂ නිල සංචාරයක් සඳහා අද අළුයම දිවයිනට පැමිණියේය. අද අළුයම 12.05ට ගුවන් තොටුපලට ලගා වු සිංගප්පූරුවට අයත් ගුවන් යානයකින් ඒ මහතා පැමිණි වාර්තා වේ.

 

ld add copy

Connet With Us