රාජ්‍ය අංශ, පෞද්ගලික අංශ සහ වතු ක්‍ෂෙත‍්‍රවල සිටින සියලූ සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනිමේ අරගලයේ තවත් එක් පියවරක් ලෙස අත්පත‍්‍රිකා දස ලක්‍ෂයක් රට පුරා බෙදා හැරීම අද දින කොළඹ කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී ආරම්භ විය. ජාතික වෘත්තීය සමිත මධ්‍යථානයට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙය සිදු කරනු ලැබු අතර එහි දී සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ ආණ්ඩුව රටේ ආර්ථකයට 80 % ක දායකත්වය සපයන පෞද්ගලික අංශ සේවක අමතක කොට ඉදිරියේ දී කිසිදු ජාතික මැතිවරණයක් නොපවත් වන ලෙසත් එස් සිදු කළ හොත් ආණ්ඩුව ගෙදර එළවීම දක්වා තම සටන ඉදිරියට ගෙන යන බවය.

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කරන්නේ මෙම ජනාධිපතිවරණය කැඳවීමේ අරමුණ වී ඇත්තේ තනි පුද්ගලයෙකුගේ තනි පවුලක බලයට තිබෙන කෑදරකමට තවත් වසර හයක් පාලන බලය සාක්කුවේ දමාගන්න දරන උත්සාහයක් බවයි.

2014 ජූනි මාසය වන විට 4 දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ජීවන වියදම රු. 50792/- ක් දක්වාඉහළ ගොස් ඇත.
ලංගම සේවකයින්ට 2015 වසරේ  සිට නියමිත දිනට නියමිත වැටුප් ලබාදීමට සහ සියලුම හිඟ අර්ථසාධක අරමුදල් බැංකුගත කිරීම මෙන්ම, 2015 අයවැය ලේඛනයෙන් රුපියල් මිලියන 23,892 ක මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිතුමා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.

ඇමරිකාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකික මාධ්‍ය ජාලයක් වබ බොස්ටන් ලංකා සමාගම මෙවරත් පවත්වනු ලබන Miss Global International  තරගාවලියේ අයදුම්පත් කැදවීම දැන් අරභම්භ කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා පත් කිරීමට නියමිතව ඇත. 

මාලඹේ ආරම්භ කර තිබෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහල ලබා දීමට හා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය ඊයේ  (13) දහවල් ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පෙළපාලියක් පැවැත්විය.

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් සාකච්ඡා කරන බවත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එජාප උප නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

ld add copy

Connet With Us