ඊයේ (10) රාත‍්‍රී සබරගමුව විශ්වවිද්‍යාලය අසල පඹහින්න මංසන්ධියේ සත්‍යග‍්‍රහයක නිරතව සිටි සරසවි සිසුන්ට ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් කඩු හා පොලූ යොදාගනිමින් අමානුෂික ලෙස පහරදී සත්‍යග‍්‍රහ අට්ටාලය ගිනිතබා තිබේ. මේ හේතුවෙන් සිසුන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

දුම්රිය වර්ජනය අවසන් වුවද ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය 10 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

යුරෝපා හවුලේ රටවල ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් 2011 වසරේදී ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් වාර්තා වෙයි.

බොදු බල සේනා සංවිධානය පාලනය නොකළහොත් ශ්‍රී ලංකාවට 'ISIS' ඉස්ලාම් ත්‍රස්තවාදීන් ඇතුළුවීමට බොහෝ විට ඉඩ ඇති බව ඉන්දියාවේ  ‘SRA’ සංවිධානය (Security Risk Asia) අනතුරු අඟවා ඇත. 

ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ.

මැගී වෙසී නමැති ඇය අමෙරිකානු මලල ක්‍රීඩිකාවකි.

සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග්‍රහයක නිරතව සිටි අට්ටාලයට ඊයේ(10) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අදාළ සිසුන්ට පහරදී පළාගොස් තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය 2013 වසරේදී රුපියල් කෝටි 111 ක්‌ පාඩු බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඊයේ (10 දා) පාර්ලිමේන්තුව වෙත එවා තිබූ ලේඛනයක්‌ කියවමින් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්‍ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.

ld add copy

Connet With Us