ගුවන් විදුලිය යූඑන්පී ඇන්.ඇම්.ට

Published in පුවත්
Saturday, 24 January 2015 13:01

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පත් කර තිබේ.

ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු මෙන්ම ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් දිනා ඇති ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත නීති උපාධි පිරිනමන සී.එෆ්.පී.එස්. නීති පාසලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන ඒ මහතා පන්දහසකට අධික නීතීඥවරුන් පිරිසක් බිහිකළ නීති උපදේශකයෙකි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා එක්ව ග්‍රාම චාරිකා ව්‍යාපාරය, ප්‍රචාරක ලේකම් යාන්ත්‍රණය ආදී සංවිධාන කටයුතුවල පුරෝගාමී නායකයෙකු වූ ඒ මහතා දූෂණ විමසුම, සංවර්ධන විමසුම ආදී දූෂණයට එරෙහි ව්‍යාපාරවල පුරෝගාමියෙකි.පළමු පෙරමුණ නමින් මෑතකදී ආරම්බ කළ සමාජ ව්‍යාපාරයේ නායකයකු ලෙස ද කටයුතු කරයි.


පොත්පත් ගණනාවක්ද රචනා කොට ඇති ග්‍රන්ථ කර්තෘවරයෙක් හා ගීත රචකයෙක් වන නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ උපත ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි.

පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ නමුත් මන්ත්‍රීධුරයක් සඳහා ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය. ඔහු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ යූ එන් පී ඇන් ඇම් ලෙසය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us