ලේක්හවුස් රාජ්‍ය ගැත්තකු වුනොත් දොට්ට බැහැල එනවා - සමන් වගආරච්චි

Published in පුවත්
Saturday, 24 January 2015 11:56

දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ‘ගෙදර යන’ බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ පවසයි.

‘පසුගිය කාලේ රාජ්‍ය මාධ්‍ය දේශපාලන මාධ්‍ය බවට පත් වෙලා තිබුනා. ඒක වෙනස් කරන්න තමයි මාධ්‍ය සංවිධාන සමඟ මගේ ජීවිත කාලෙම සටන් කළේ... එහෙම දෙයක් කරගන්න බැරි නම් මම බය නැතුව කියනවා, ඒ වෙනුවෙන් අරගල කරනවා, බැරි උනොත් ලේක්හවුසියේම ලිපිය තියල මම ගෙදර එන්න සුදානම්.’ අභිනව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සමන් වගආරච්චි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී පැවසීය.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවා තොරතුරු දැන ගැනීමේ අයිතිය නීති ගත කර ගැනීම සඳහා දිගටම සටන් කරන බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් වගආරච්චි කියා සිටියේය. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.

ජනතාවගේ මුදල්

මහජනතාවගේ මුදලින් නඩත්තු වන ලේක්හවුස් ආයතනය මහජන සේවා මාධ්‍ය ආයතනයක් බවට පත් කිරීම තමාගේ අභිප්‍රාය බවයි ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සමන් වගආරච්චි තවදුරටත් කියා සිටියේ.

මීට දශක තුනකට පමණ පෙර ලංකාදීප පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සමන් වගආරච්චි පසු කලෙක යුක්තිය පුවත්පතේ විශේෂාංග කර්තෘ බවට පත් විය.
ඉරිදා ලක්බිමේ ආරම්භක නියෝජ්‍ය කතුවරයා ද වූ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් වගආරච්චි ඉන් අනතුරුව දිනමිණ සහ දිනපතා ලක්බිමේ ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කළේය.

BBC

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us