රහස් පොලීසියට පැය පහක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව බොදුබළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (02) සවස 6.20 ට මුදාහරිනු ලැබුහ.

ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ හි ශ්‍රී ලංකා ශාඛාවේ වාර්ෂික මහා සමුළුව පසුගිය 27 වෙනිදා, පැවැත්වීමට වෙන් කරවා ගෙන තිබූ හෝටලයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ සියලු කටයුතු අවුල් කලේ ප්‍රබල දේශපාලන හස්තයක මැදිහත්වීමකින් බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ජනතාව නොදත් සැබෑ තතු රාශියක් හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් සංජීව සමරසිංහ මහතා පවසයි.

බොහෝ පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් දරුවන් සිටින යුගයක පොල් අතු මඩුවකට වී අකුරු ඉගෙන ගන්නා පාසල් දරුවන් පිරිසක් පිළිබඳව ගලේවෙල - දිග්ගල ප‍්‍රාථමික විදුහලෙන් තොරතුරු වාර්තා වේ.

බොදුබල සේනා සංවිධානයට ආරක්ෂක ලේකම්වරයා විසින් අනුග‍්‍රහය දක්වන බවට එල්ල වන චෝදනාවන්හිද කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියා සිටියි.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පිළිතුරු දීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කළේය.

එහිදී බොදුබල සේනා සංවිධානයේ කි‍්‍රයාකාරීත්ව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරියගෙන් මාධ්‍යවේදියෙකු විමසීමක් කල අතර, එහිදී යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ ආරක්ෂක ලේකම්වරයාට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් සංජීව සමරසිංහගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා, එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා‍ අද (02) අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

පොලිසියට අසත්‍ය ප‍්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා කර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වටරැක විජිත හිමියන් එළඹෙන 7දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. එසේම උන්වහන්සේ ගමන්ගත් වාහනය රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයක් මත නිදහස් කරනු ලැබීය.

තමන් වහන්සේ පැහැර ගැනීමකට ලක්වු බවත් කිසියම් පිරිසක් තමන්ට පහරදී ගෙනවිත් දැමු බවත් පූජ්‍ය වටරැක විජිත හිමියන් මුලින් කියා සිටියහ.

පොලිසිය විසින් උන්වහන්සේ සොයාගත්තේ පානදුර හිරණ ප‍්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටියදිය.

මිට අදාළ වීඩියෝ දර්ශන මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා වාර්තාවක් ලබාගන්නැයි ද පානදුර මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව මීලග නඩු දිනයේ දී තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

කොන්ත්‍රාත් සමාගමක් මඟින් ඉදිකිරීමක් සිදු කර ගෙන ලක්ෂ 18කට ආසන්න ගෙවිමක් බැංකුව මඟින් අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රවිණ නිළි සබීතා ජානකි පෙරේරා හා ඇ‍ගේ සැමියාට එරෙහිව කොන්ත්‍රාත් සමාගමක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව මේ මස 15 වන දින කැඳවීමට මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ(01) නියම කළේය.

අංගොඩ, වල්පොල පාරේ ස්ථාපිත ලක්මිණ ලංකා බිල්ඩීන් සිස්ටම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක විතානගේ අමල් අසේල විතාන යන අය විසින් ප්‍රවිණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සබිතා ජානකි පෙරේරා හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ හා ඩී.පී.ජයසිංහ ටුවර්ස් ට්‍රාන්ස්පෝට් කම්පැණි සාමාගම වෙත මෙසේ ඊයේ නඩු පවරනු ලැබිණ.

තමා ඉහත සමාගමේ මුදල් එකතු කිරීමේ බලයලත්නිලධාරියා බවත් විත්තිකරුවන්ගේ අනුදැනුම මත කොළඹ 9.බේස්ලයින් මාවතේ පිහිටි කාර්යාලයේ දී නිම කළ ඉදිකිරීමක් වෙනුවෙන් රුපියල් 188,576.10ක් වටිනාමකින් ලියූ චෙක්පතක් විත්තිකරුවන් ලබා දුන් බවට පැමිණිල්ලේ සඳහන්ය.

විත්තිකරුවන් විසින් ලියු චෙක්පතේ මුදල් ලබා ගැනීමට පුද්ගලික බැංකුව වෙත ගිය අවස්ථාවේ දී චෙක්පතේ මුදල් ගෙවීම් නොකරන ලෙසට විත්තිකරුවන් විසින් බැංකුවට දැනුම් දී ඇති බව පවසන පැමිණිලිකරු වංක චේතනාවෙන් මෙම අණ කිරීම සිදු කරන ලද්දක් බවට පවසා සිටී.

මුදල් ආපසු අය කර ගැනීමේ පනත අනුව දඩූවම් ලැබිය වරදක් බවට අධිකරණයේ චෝදනා ගොනු කොට තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේ දී අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් සහතික කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ නීතිඥවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ‍මේ මස 15 වන දින යළි කැඳවීමට නියම කෙළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රදිප් ශ්‍රි ඇල්විටිගල ,එම් අන්වර් හා ඒ.සී.එම් ස්මයිල් අධිකරණය හමුවේ කරුණු දැක්වුහ.

 

ld add copy

Connet With Us