මෙවර අයවැයෙන් යෝජනා කළ රු. 2500 ක අන්තර් දීමනාව නොවැම්බර් 10 වැනිදා විශ්‍රාම වැටුප සමඟ සියලුම විශ්‍රාමිකයන්ට ගෙවීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහුව අද(04) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට සම්බන්ධව ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ. කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළාය.

බලන්ගොඩ දෙහිගස්තලාව ප‍්‍රදේශයේ දී කාන්තාවකගේ (54) පාදයකින් කොටසක් කපා රැගෙන ගිය සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරුවන් එකම පවුලේ පියා සහ පුතා බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.
භික්ෂූන් වහන්සේ  ගේ කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමට වෙහෙසවීම නොව ආගම ව්‍යාප්ත කිරීමට කැපවීම බව බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල පුද්ගලයින් 7575 දෙනෙකු අවතැන් කඳවුරුවල වාසය කරයි.
මීරියබැද්ද නායයාමෙන් අවතැන්ව සිටින ළමුන්ගේ අයිතිය උතුරු පළාත් සභාව විසින් ඉල්ලා ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන් ලිංගික අල්ලස් ඉල්ලන බවට පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී. 

ld add copy

Connet With Us