මෛත්‍රීපාලනයට තවත් ඇමැතිවරු 6 ක් ඕනෑ වේ

Published in පුවත්
Wednesday, 21 January 2015 19:24

නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.

ඒ අනූව අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එසේම මෙහොමඩ් තම්බි හසන් අලි මහතා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

එසේම එජාප මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

තවද එජාප මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

මීට අමතරව අමීර් අලි සහබ්දීන් නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන්ද ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දී තිබේ.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම්දීම් සිදු වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වූ බව ජනපති මාධ්‍ය අංශය පැවසීය.

මේ සමග නව රජයේ කැබිනට් ඇමතිධූර සංඛ්‍යාව 28 දක්වාත්, රාජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 11 දක්වාත්, නියෝජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 10 දක්වාත් ඉහළ යනු ඇත.

 

 

- ada derana

 

ranjan-my3

Last modified on Wednesday, 21 January 2015 19:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us