ගාමීණි සෙනරත්ගේ මිතුරිය වසන්තිට, මෛත්‍රීපාලනයත් යහනක් ලු !

Published in පුවත්
Wednesday, 21 January 2015 21:32

දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය හොබවන වසන්ති මංචනායක මහත්මිය මුදල් ඇමැති රවී කරුණානායකගේ පිහිටෙන් මෛත්‍රීපාලයට ඔබින ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

ඇය මෙම ධුරයට පත් වූයේ ඒ සඳහා වන නිත්‍යානුකුල පත්වීමක් අනුව නොවේ. හොර පාරකිනි. මෙම ආයතන්යේ හිටපු කොමසාරිවරිය වූ මල්ලිකා සමරසේකර මහත්මිය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙම තනතුර සඳහා සුදුසු කම් ලැබූවන් අතරින් පෙරමුණේ සිටි අයගෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ කල්‍යාණී දහනායක මහත්මියටය. ඒ එසේ තිබියදී වසන්ති මංචනායකට එම තතුර හිමි වන්නේ ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ගේ පෞද්ගලික ඇයි හොඳයිය මතය.

වසර ගනනාවක සිටි සමීප ඇසුර මිස එම තනතුර ලබා ගැනීමට මංචනායක මහත්මියට වෙනත් සුදුකම් සපුරා තිබුණෙ නැත.ගාමිණී සෙනරත්ගේ කැමැත්ත මත කළ මේ පත්වීමට රාජපක්ෂගේ විරෝධයක් එල්ලවූයේ නැත.

ඒ කෙසේ වූවත් මංචනායක මහත්මිය රාජපක්ෂවරුන් හා වුන්ගේ අන්තෙවාසිකයන්ගේ වුවමනාවන් අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථකව ඉ‍ටු කළාය.

ඉන් ගාමිණි සෙරත්ට වූ වාසිය වූයේ කිසිදු බදු ගෙවීමකින් තොරව ව්‍යාපාරාදිය කරගෙන යාමට හැකිවීම බව සැලවේ.මේ වන විට ඔහු මෙරටින් එක්සත් රාජධනියට පැන ගොස් ඇතැයිද වාර්තාවේ.

මේ අතර කාලයේදී දේශිය ආදායම් දෙපාර්ථමෙන්තුවේ ආදායම් පරතරයද වැඩිවී තිබිණි. ඒ ආකාර්යක්ෂම ආයතනයක් බවට පත් විය.

කෙසේ නමුත් මෙම දෙපාර්තමේන්තුව බාර අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා මෙම වසන්තා මංචනායකව තවමත් එම තනතුරේ තබාගෙන යහපාලනයක් ගැන කතා කරමින් සිටීම විහිළුවට කරුණක් වී ඇත.

Last modified on Wednesday, 21 January 2015 21:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us