ලසන්ත ඝාතනයේ තොරතුරු සියල්ල රාජිත ළඟ !

Published in පුවත්
Thursday, 22 January 2015 07:25

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළේ කවුද? එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මේ වන විට තමන් සතුව ඇති බවත් එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු යළි මුලසිට ආරම්භ කරන බවත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (21)පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ රාජිත සේනාරත්න මහතා, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා ආරක්‌ෂක අමාත්‍යංශයේ හිටපු ප්‍රබල ප්‍රධානියකු සහ එම ආණ්‌ඩුවේ සිටි ඇමැතිවරයෙකු සම්බන්ධ බවද කීවේය.

ලසන්ත ඝාතනය සම්බන්ධව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා පසුගියදා අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ ඇතුළත් කරුණු සියල්ල සත්‍ය බව කී ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම ඝාතනයට වගකිවයුත්තන් පිළිබඳ තොරතුරු රැසක්‌ ලැබී ඇතැයි ද කීය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් යන අයගේ ඝාතන පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි කී ඇමැතිවරයා එම ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන කටයුතු ද යළි ආරම්භ කර ඉතා ඉක්‌මණින් ඝාතකයන් නීතිය ඉදිරියට ගෙන එන බව කීවේය.

 

- divaina

Last modified on Thursday, 22 January 2015 07:40

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us