ජාතික දින උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී - ස්‌වදේශ කටයුතු ඇමැති කියයි

Published in පුවත්
Thursday, 22 January 2015 10:00

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස්‌ දින උත්සවය කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.

වියදම් අවම කරමින් මෙම උත්සවය පවත්වන බව ස්‌වදේශ කටයුතු සහ ධීවර ඇමැති ජෝශප් මයිකල් පෙරේරා මහතා ඊයේ (21 වැනිදා) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැසීය.

පසුගිය රජය සමයේ මෙවර ජාතික නිදහස්‌ උත්සවය වීරකැටිය ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. වීරකැටියේ පැවැත්වීමේදී විශාල වියදමක්‌ දැරීමට සිදු වන නිසා වියදම් අවම කරමින් පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ මෙය පවත්වන බව ද ඇමැතිවරයා කීය.

මාතර පැවැත්වීමට නියමිතව තිබූ දැයට කිරුළ වැඩසටහන ද නවතා දැමීමට කටයුතු කළ බව කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් සිදු කිරීමට නියමිත මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු සිදු කරන බව ද වැඩිදුරටත් කීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us