කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි

Published in පුවත්
Monday, 26 January 2015 18:09
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ සියළු රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකාබද්ධව පවත්වාගෙන යන ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය මේවන විට කිසිවකුගේ සැලකිල්ලට භාජනය නොවුණු ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සේවක සේවිකාවෝ චෝදනා කරති.
 
පසුගිය මාසයේ සේවක වැ‍ටුප් ගෙවීම ද ජනමාධය අමාත්‍යාංශය විසින් මඟ හරිමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.  ඔවුන්ගේ වැ‍ටුප් ගෙවීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයාගේ  අනුමැතිය අවශ්‍ය නමුත්  මේ දක්වා ඒ ලබා දී නොමැත.
 
 
එමෙන්ම මෙම ආයතනය සඳහා තවමත් සභාපතිවරයකු නම් කිරීමද සිදු කර නොමැත.පසුගිය ආණ්ඩුව සමයේ  මහින්ද රාජපක්ෂගේ කතා පිටපත් රචකයා වූ  මහින්ද ඉලෙපෙරුම මෙහි සභාපති තනතුර හෙඹවිය. 
 
ඉලේපෙරුම යුගයේදී  මෙම ආයතනය තුල කාන්තාවන් සදහා විශේෂ ස්ථානයක් ලබා දී තිබේ. නමුත් විශේෂත්වය වූයේ එම කාතාවන්ගේ සේවා කාලය කෙටි වීමය. මන්ද එම කාන්තාවන් කෙටි කලකින් ඉවත් කර පසුව අලුත් කාන්තාවන් යටතේ මාධ්‍ය ආයතනය පවත්වාගෙන යනු ලැබීමය. ඒ අනුව පත්වූ කාන්තාවන් මේවන විට ආයතනය කලමනාකරණය කරමින් සිටී. ඔවුන් පවසන්නේ තව මාස තුනකින් යළි මහින්ද යුගයක් පැමිණෙන බවය.
 
ඒ කෙසේ නමුත් ආයතනයේ සේවයින් බොහොමයක් සඳහා  මේ වන තෙක්ම රාජකාරි පත්වීම් ලිපියක් නිකුත් කර ද නොමැති බවවාර්තාවේ. 
 
අදාළ ආයතනට මෙතෙක් සභාපති තනතුරට හා මාධ්‍ය කරණයේ දැනුවත් අයෙකු එම ආයතනය තුළ නොසිටිම හේතුවෙන් සේවකයින් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
 
ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය එඩ්මන් වික්‍රමසිංහ මහතාණන් විසින් ගොඩ නඟනු ලැබූ ආයතනයකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us