ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පැවසුවාය.
'පළමු පෙරමුණ' නමින් රටපුරා පෝස්ටර් අලවා ඇති බහුජන ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අතකොළුවක් බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 'ලංකා වීව්ස්' වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා ආචාර්යවරු පරිපාලන ගොඩනැගිල්ලක රදවා තබා ගැනීම හේතුවෙන් වසා දැමුණු සරසවිය නැවත විවෘත කිරිමටත්, තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ආරම්භ කිරීමට හා පන්ති තහනම් කළ සිසුන්ගේ පනති තහනම ඉවත් කිරීමටත් එහි පාලනාධිකාරිය අද (30) දින තීරණය කොට ඇත.
"මගේ මුළු සේසතම අරගෙන හරි මගේ අහිංසක දරුවා මට ආපසු දෙන්න. මං වැඳලා ඉල්ලන්නේ හයහතර නොතේරෙන දරුවට කරදරයක් කරන්න එපා කියලා" යෑයි පැහැර ගැනීමට ලක්වූ මීගලෑවේ සිව් හැවිරිදි දරුවාගේ පියා හඬා වැළපෙමින් කියා සිටියේය.
ඒඩ්ස් සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම සඳහා අලුත්ම ආකාරයේ ඇඳුමක් Adriana Bertini නම් ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් නිපදවා තිබේ.
රටපුරා රෝහල්වල ශ්‍රේණි 27කට අයත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති අරගලයක යෙදී සිටීම නිසා, කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ද ඇතැම් කටයුතු සඳහා ද බාහිර පාර්ශ්වයන්ගේ සහය ලබාගෙන ඇත.
2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් අද (30) ශ්‍රී ලංකාවට පැමිණියාය. මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත.
VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත.