අමෙරිකානු ඩොලර් 5000 ක දිනුමක් හිමිවී ඇතිබව සදහන් කරමින් ජංගම දුරකථනවලට ඇමතුම් ලබා දෙන යම් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරන්නන් සිය ගණනකින් පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි සුදු නාගයෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.

නාඳුනන පිරිසක් තමා පසුපස සැක කටයුතු ලෙස ගමන් කළ බව නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 09 හා පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් කැලණියේදි ඉකුත් ජුනි 11වෙනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5සමග සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

හෙරොයින් ග්‍රෑම් 9ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (14දා) රාත‍්‍රියේදී සමත්වී තිබේ.

පසුගිය 04 වන දින බස් රථයක් මංකොල්ල කෑවේ යයි එල්ල වී ඇති චෝදනා මත දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ධජය යටතේ උතුරු නැගෙනහිර මුහුදු සීමාවම චීන ධීවර කණ්ඩායම් විසින් විනාශ කර දමන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය පවසයි.

'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 07 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙන් four wheel drive club හී වැඩ බලන ලේකම් අජිත් ප්‍රනාන්දු මහතා, එම ලිපියෙහි ඇතුළත් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අපවෙත එවා ඇත. ඒ පහත පලකර සිටිමු.

 

ld add copy

Connet With Us