මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පසුගිය වසරේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජය නායක හමුවට ප්‍රභුවරුන් වෙනුවෙන් බස් රථ දෙකක් විදේශ අමාත්‍යංහය විසින් ලබා ගෙන ඇත. ඒ වෙනත් පෞද්ගලික සමාගමකින් මාසික කුලි පදනම යටතේ ලබා ගෙන ඇති අතර මාසයකට රුපියල් ලක්ෂ 9 ගනනේ ලක්ෂ 18 ක් මේ වෙනුවෙන් ගෙවා තිබෙන බවත් හෙළිවේ.
කෙසේ නමුත් මේම බස් රථ දෙක එම පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසුව තිබුණේ කවර ස්ථනයකද කවරකු විසින් ඒ පාවිච්චිය සඳහා යොදාගෙන තිබුනේද යන්න රහසක් වූ නමුත් මේ වන විට අනාවරණය වන්නේ මේ එකක් නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ පවිච්චිය සඳහා යොදා ගත් බවය.
අනෙක් බස් රථයට මේවන විට සිදුව ඇත්තේ කුමක් දැයි අනාවරණය නොවෙතත් මෙම බස් රථ ලබා ගැනීම හා ඒහි වාරික ගෙවීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ විදේශ අමාතංශයේ ඉහළ නිලධාරියකු වූ(chief protocol officer) මජින්ත ජයසිංහ මහතාය.