31 වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු සියයට 10 කින් අඩුවේ

Published in පුවත්
Thursday, 29 January 2015 10:05
ලංගම හා පුද්ගලික බස් ගාස්තු අඩුවීමට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තුද මෙම 31 වැනිදා සිට සියයට 10 කින් අඩුකරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය මේ පිළිබඳව ඇමතිවරයා ත්‍රිරෝදරථ රියැදුරු සුබසාධන සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ඇතුළු ත්‍රිරෝදරථ සංගම් නියෝජිතයන් සමඟ පෙරේදා ( 27 ) සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී මෙම ගාස්තු අඩුකිරීමට එම සංගම් එකඟත්වය පළ කර තිබේ. රටපුරා ත්‍රිරෝද රථ ලක්ෂ 9 ක් පමණ තිබෙන අතර එයින් ලක්ෂ 6 ක් පමණ කුලී ත්‍රිරෝද රථ වෙයි.
 
එම ලක්ෂ 6න් ලක්ෂ එක හමාරක් පමණ මීටර සවිකර ඇති අතර ඉතිරි ලක්ෂ හතර හමාර මීටර සවි කර නොමැති බවත් ධර්මසේකර මහතා පවසයි.
 
කුලී ගමන් යාමේදී මීටර් සවි කර ඇති ලක්ෂ එකහමාරක් පමණ ත්‍රිරෝදරථවලිනුත් ත්‍රිරෝදරථ දෙදාහක් පමණ පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 50 ක්ද, දෙවැනි මීටරය සඳහා රුපියල් 32 ක්ද වශයෙන් අය කරන නමුත් අනිත් ත්‍රිරෝද රථ දෙවැනි මීටරය සඳහා රුපියල් 40 ක අයකරන බවත් ධර්මසේකර මහතා පැවසීය. මේ සඳහා නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.
 
dinamina

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us