කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් විජේසිංහ මහතා ග‍්‍රාම නිලධාරිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.

අගෝස්තු මස 05 වැනිදා තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසිය.

ජනාධිපතිවරයා තමන්ට අගමැති ධුරය ලබා නොදෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා 'මව්බිම' පුවත්පතට පවසා ඇත.

අවුරුදු 11 ක දැරියක් දින 11 ක් තිස්සේ සහ තවත් අවුරුදු 9 ක දැරියක් ද දූෂණය කළ බවට චෝදනා ලැබූ නාවික හමුදා භටයන් පිරිසක් අධිකරණය විසින් නිදහස් කර ඇත. මෙකී සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි ඌරි නම් දිළිඳු ගම්මානයෙනි.

සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

අන්තර් ජාලය ඔස්සේ ළමුන් අපයෝජනයට පොලඹවා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් 2500 පමණ කොටුකර ගැනීමට උත්සාහ දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික සමගියට බාධා ඇති කරමින් ප‍්‍රභාකරන් රටේ ගමන වැළැක්වීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වූ බවත්, වර්තමානයේ රාජපක්ෂ ආණ්ඩුව එම අසාර්ථක වැඩපිළිවෙළ හසුරුවන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කරෛනගර් ප්‍රදේශයේ සිසුවියන් දෙදෙනෙකු ලිංගික අතවරයට ලක්වීම පිළිබඳව විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් සිදුවිය යුතු යයි 'ලංකා ගුරු සංගමය' රජයට බලකර සිටියි.

 

ld add copy

Connet With Us