යහ පාලනයක්... නව යුගයක උදාවක්..

Published in පුවත්
Wednesday, 04 February 2015 08:16

ශ්‍රී ලංකා‍ද්වීපයේ යහ පාලනයේ නව යුගයක උදාව සනිටුහන් වූ මොහොතේ එළැඹි 67 වැනි ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවණීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී අද (4) උදේ වරුවේ පැවැත්වේ.

මීට ශතවර්ෂ දෙකකට පෙර රටට අහිමි වූ නිදහස යටත්විජිත පාලකයන්ගෙන් දිනා ගැනීම උදෙසා අරගල කළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකයෝ, ජන නායකයෝ පෑ එඩි දැඩි ගුණ ස්මරණය කිරීම හා වත්මන් මතු පරපුරට ඒවා කාවැද්දවීම ජාතික නිදහස් දින මහෝත්සවයේදී මහත් අභිමානයෙන් සිදු කැරෙනු ඇත.

ඊට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උදාර පරිත්‍යාගයන් සමඟ අප දේශයේ ස්වෛරීයත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ඇප කැප වූ යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකාවල රණවිරුවෝ වෙත ජාතියේ ප්‍රණාමය පුද කිරීම ද අද දවසේ සිදුවනු ඇත.

ජාතික ධනය විශාල ලෙස විනාශ කිරීමේ උත්සව, සැමරුම් පැවැත්වීම ඉකුත් රජයේ පිළිවෙත ඉවත දමා ඉතා අඩු වියදමක් පමණක් දරා, එනමුත් අභිමානවත් ජාතික නිදහස් දින උලෙළක් පැවැත්වීමේ උතුම් ආදර්ශය ද මෙමගින් ජාතියට හිමි කරදීම අද සිදුවේ.

ජාතික වැදගත්කමකින් යුතු උත්සව, සැමරුම් සඳහා පාසල් දූ දරුවෝ සහභාගි කරවා පැය ගණන් ගිනි ගහන අව්වේ හෝ වැසි සහිත කාලගුණික තත්ත්වයන් මත හෝ පීඩාවට පත් කිරීමේ ඉකුත් රජයේ පිළිවෙත ඉවත දැමීමට ජනාධිපතිවරයා ගත් තීරණය එලෙසම අද දවසේ ක්‍රියාත්මක වනු ඇත. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික ඉගැන්වීම් ඔස්සේ ආධ්‍යාත්මය දියුණු කරගත් ශ්‍රී ලාංකිකයෝ එක මවකගේ දරු කැල මෙන් එකට එක්ව සමඟි දමින් බැඳී පෙරට යන අයුරු විදහා දක්වන සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමක් ද අද උත්සවයේදී සිදුවේ.

67 වැනි ජාතික නිදහස් උළෙල අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ද නියමිතය. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පූජෝපහාර දැක්වීම, ජාතික නිදහස් උළෙලට සමගාමීව සිදු කැරේ. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් සර්ව ආගමික ආශිර්වාද පින්කම් පැවැත්වේ. ඊට අමතරව රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කි‍රීම, යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකායේ ‍සංදර්ශනය සහ පළාත් නවයේම නර්තනවේදීහු සහභාගි වන අලංකෘත සංස්කෘතික සංදර්ශනයක් ද මෙහිදී සිදු කැරේ.;

ජාතියේ උස් නිදහස පතා දිවි පිදූ සියලුදෙනා සිහි කිරීම, ජාතික ගීය හා ජයමංගල ගාථා ගැයීම, ආචාර වෙඩිමුර 21සිදු කිරීම තුළින් උළෙලට අභිමානවත් බවක් එක්වනු ඇත.

ස්වදේශ කටයුතු හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු මෙහෙයවෙයි. ඒ සඳහා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා රජයේ සෙසු අමාත්‍යාංශ පූර්ණ ලෙස සම්බන්ධීකරණය වී තිබේ.

 

-dinamina

Last modified on Wednesday, 04 February 2015 08:19

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us