ගම්මන්පිලගේ ඇමැති තනතුරට හතර දෙනෙක් බැලුම් හෙළයි

Published in පුවත්
Wednesday, 04 February 2015 08:35

පසුගිය සමයේ උදය ගම්මන්පිල මහතා කටයුතු කළ බස්නාහිර පළාත් කෘෂිකර්ම හා කර්මාන්ත අමාත්‍යාංශය ලබාගැනීමට පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙන බැවින් මහ මැතිවරණය පවත්වනතුරු එම තනතුරට කිසිවෙකු නම් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට දන්වා තිබේ.

පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි, ඉසුර දේවප්‍රිය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මන්ත්‍රීවරුන්ගෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ප්‍රසන්න රණතුංග මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, මහ ඇමතිවරයා දැනටමත් එම අමාත්‍යාංශයේ වැඩ බලන බැවින් මහ මැතිවරණය පැවැත්වෙන තෙක් එම ධුරයේ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us