සිරිසේනගෙන් පදනම් ආයතනයට පොල්ලක්

Published in පුවත්
Wednesday, 04 February 2015 08:50

ආර්. ඒ. සිරිසේන මහතා එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් වෙස් ගන්වා රූපවාහිනී දැන්වීම්වලට පුහුණු කිරීම සඳහා දින 28ක් නවාතැන් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ලෙස ප්‍රචාරක දැන්වීම්වලට පෙනී සිටීම සඳහා ඔහුව පුහුණු කර ඇත‍්තේ ද පදනම් ආයතනයේදී වන අතර ඔහු සහ එයට අදාළ අනිකුත් පුද්ගලයින්ට නවාතැන් ලබාදී ඇත්තේ ද පදනම් ආයතනයේදී ය. මේ කටයුතුවලට රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයකු සම්බන්ධවී ඇතැයි සොයා ගෙන තිබේ.

එම නවාතැන් සඳහා පදනම් ආයතනය පසුගිය ජනවාරි 1දා චන්ද්‍රපාල ලියනගේ නමින් දින 28ක ගාස්තුව ලෙස රුපියල් 255,897.60ක වවුචරයක් එවා ඇති අතර වාර්තා වන අන්දමට නව පාලනාධිකාරිය මේ නීති විරෝධී මුදල් ගෙවීම් අත්හිටුවා ඇත.

මේ නීතිවි‍රෝධි ක්‍රියා සම්බන්ධයෙන් ළඟදීම පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත ය.

dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us