පළාත් පහක හොර දොස්තරලා 5026ක්

Published in පුවත්
Wednesday, 04 February 2015 09:21

බස්නාහිර, උතුර, දකුණ, සබරගමුව, ඌව පළාත්වල ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරුන් 22,319 න් 5,026 ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවට හෙළි වී ඇත.

ව්‍යාජ ආකාරයට වෛද්‍යවරුන් වශයෙන් හඳුන්වා ගනිමින් රෝගී ප්‍රතිකාර කටයුතු සිදුකරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙම සොයාගැනීම සිදුකර තිබේ.


සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව සිදුකරන මෙම මෙහෙයුම උතුරු මැද, මධ්‍යම, වයඹ, නැගෙනහිර පළාත්වලත් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා සඳහන් කළේය.


මෙම සොයාගැනීම් වලට අනුව බස්නාහිර පළාත තුළ පෞද්ගලික ප්‍රතිකාර සේවාවේ වෛද්‍යවරුන් 9551 ක් යෙදී සිටින බවත්, එම පිරිසෙන් 2455 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය 25.7% ක් බවද පවසා සිටියේය.


උතුරු පළාත තුළ 1067 ක් ප්‍රතිකාර සේවාවේ යෙදී සිටින අතර, එම ප්‍රමාණයෙන් 347 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස එය 32.5%ක් බවද සඳහන් කළේය.

සබරගමු පළාත තුළ වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවල යෙදී සිටිනා 3482 න් 711 ක් ව්‍යාජ පුද්ගලයන් වන අතර, ප්‍රතිශතයක් ලෙස එය 20.4% ක් බවද සොයාගෙන ඇතැයි පැවසේ. දකුණු පළාත තුළ ප්‍රතිකාර කටයුතුවල යෙදී සිටිනා 5497 ක ප්‍රමාණයෙන් 1005 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස එය 19.2% ක් බවද පවසා සිටියේය.


ඌව පළාත තුළ ප්‍රතිකාර සේවාවල 2716 ක් යෙදී සිටින බවත්, එම පිරිසෙන් 454 ක් ව්‍යාජ පුද්ගලයන් බවත්, ප්‍රතිශතයක් ලෙස එය 16.8% ක් බවත් සඳහන් වේ. මේ අනුව සමස්ත පළාත් 05 තුළම ප්‍රතිකාර සේවාවල නිරතව සිටිනා පිරිසෙන් 22.5% ක් ව්‍යාජ පුද්ගලයන් බවට හෙළි වී ඇත.

දිස්ත්‍රික්කයක් වශයෙන් වැඩිම ව්‍යාජ වෛද්‍යවරුන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි ප්‍රතිකාර සේවාවල නිරත වන 2427 ක පිරිසෙන් 845 දෙනෙකු ව්‍යාජ පුද්ගලයන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 34.8% ක් බව වෛද්‍ය නවින්ද සොයිසා මහතා පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us