ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය මහජන ප්‍රදර්ශනයට

Published in පුවත්
Wednesday, 04 February 2015 09:11

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිල කාලයේ රැඳී සිටි ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ වනවිටත් එහි පිරිසිදු කිරීම් සිදුකරන බවත්, එය අවසන් වූ වහාම ලබන සතියේ සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (03 වැනිදා) පැවැසීය.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසූවේ දුප්පත් මිනිසුන් වන අපිට මේ සුඛෝපබෝගී ජීවිත ඔරොත්තු නොදෙන බවය.

මීට අමතරව නුවර ජනාධිපති මන්දිරය ඇතුළු හිටපු ජනාධිපතිවරයා පළාත් මට්‌ටමින් සිය නිල කාලයේ පරිහරණය කළ නිල මැඳුරුද මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us