පසුගිය මැයි මස 24 දින උකුවෙල, බන්නැහැක වලව්වේ උපාධි අපේක්ෂිකා 24 හැවිරිදි ලලනි නදීෂා වරාපිටිය ඝාතනයට ලක්විය. උකුවෙල, එම අභිරහස් ඝාතනය සෙවීමට ඇගේ සිරුරේ දැවැටී තිබී හමුවූ පිරිමි රෝම කූපය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
කොළඹ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (04) සවස කැඳවා තිබුණ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කර දමනු ලැබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය, තම නිලධාරීන් ද සහභාගී වෙමින් තිබුණ සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් ද ඇතුළත් ප්රකෝපකාරී කණ්ඩායමක් විසින් බාධා කරන ලද බව පවසයි.
කළුතර ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දනිඳු යශේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මංජුල සඳකැළුම් නමැත්තාගෙන් දීර්ඝ පාපොච්චාරණයක් ලබාගෙන තිබේ. එම පාපොච්චාරණයට අනුව මංජුල සඳකැලුම් මෙයට කලකට පෙර ධනවත් ව්‍යාපාරිකයෙකි. කල්ගත වීමත් සමග ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු බොහෝ පිරිසකට ණය වී තිබේ.