ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතීන් හා හිත්වතුන් වූ හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක්‌ මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වාහන අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ලබන 29 වැනිදාට අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.
හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා හිටපු ඇමැතිනි පවිත්‍රා දේවී වන්නි ආරච්චි  මහත්මිය ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. 

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බැංකු ගිණුමකින් 2015.01.06 දින රුපියල් 1,456,980,000ක මුදලක් යළි ලබා ගැනීම ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (12) කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියේ ‘හොරකම් දූෂණ කරන්න ලෑස්ති වෙන්න එපා. තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙනවා' යනුවෙනි.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us