පොල්තෙල්වලින් ලස්සන වෙන්න

Published in Gossip
Thursday, 05 February 2015 17:27

අපි පොල් ගහෙන් ලබාගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි පොල් තෙල් කියන්නේ.

අපි දන්නා විදියට පොල් තෙල් බොහෝවිට යොදාගන්නේ ඉවුම් පිහුම් කටයුතු සඳහා . නමුත් අද ලෝකයේ පොල්තෙල් රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා බව දන්නෙ ඉතා සුළු පිරිසක්.

සාමාන්‍යයෙන් රුපලාවන්‍ය නිෂ්පාදන යොදාගත හැක්කේ එක ප්‍රතිකර්මයක් සඳහා පමණයි. නමුත් පොල් තෙල් වලින් විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු රැසක් කරගැනීමට හැකිවීම විශ්මයජනකයි. අද අපි ඉදිරිපත් කරන්නේ එවැනි ආකාර කීපයක්.

Make UP ඉවත් කිරීම සඳහා

ඔබට Make UP ඉවත් කිරීම සඳහා යොදාගන්න ආලේපනයෙන් නිසි පරිදි ඉවත් නොවන බව හිතෙනවනම් ඔබට පුළුවන් පොල් තෙල් ඒ සඳහා යොදාගන්න. ක්ලෙන්සර් එකක් විදියට පොල් තෙල් මුහුණේ අලේප කිරීමෙන් පහසුවෙන්ම Make Up දියකර හැරීමට පුළුවන්.

තොල් අලේපනයක් ලෙස


තොල්වියලීම බොහෝ කාන්තාවන් අතර දකින්න ලැබෙන සුලබ සිද්ධියක්. මේ සඳහා විසදුමක් ලෙස පොල්තෙල් යොදාගැනීමට හැකියි. පොල් තෙල් ආලේප කිරීමෙන් තොල් වල වියලි බව දුරුවී සිනිදු දෙතොලක් ලබාගැනීමට හැකිවෙනවා.

හමේ ඇතිවන ආසාදන සඳහා


හමේ ඇතිවන කැසීමේ තත්ත්වයන් ඉක්මනින් සුව කරගැනීම සඳහාත් පොල් තෙල් යොදාගන්න පුළුවන්. උදාහරණයක් ලෙස කෘමි සපාකෑම්, කුඩා පිළිස්සීම් , තැලීම් සඳහා ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැකියි.

හිස ගැල්වීම සඳහා


අපේ රටේ, ගොඩක් පැරණි කාලේ ඉඳලම පොල් තෙල් හිස ගැලවීම සඳහා යොදාගන්නවා. පොල් තෙල් කියන්නේ හිස සිසිල්ව තියාගන්න යොදාගන්න පුළුවන් වටිනා බෙහෙතක්.

හිසකෙස් අවුල්වීම වැලැක්වීම සඳහා


හිසකෙස් අවුල් වීම වැලැක්වීම සඳහා අපි බොහෝවිට විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය යොදාගන්නවා. නමුත් හිසකෙස් නිරවුල්ව වගේම දීප්තිමත්ව තියාගන්නත් පොල්තෙල් යොදාගැනීමෙන් අහිතකර ප්‍රථිපල රැසක් මගහරවගන්න හැකියාව තියනවා.

හම රැලි වැටීම වලක්වා ගැනීම සඳහා


බොහෝවිට දරු ප්‍රසුතියෙන් පසු කාන්තාවන්ගේ උදර ප්‍රදේශයේ රැලි වැටීමක් සිද්දවෙනවා. ඒ වගේම අධික තරබාරු පුද්ගලයන්ගෙත් සිරුරේ මෙවැනි රැලි වැටීම් දකින්න ලැබෙනවා. පොල්තෙල් ආලේප කිරීමෙන් මෙවැනි රැලි නැති කරගන්න පුළුවන්ලු.

මුඛ දුර්ඝන්දය නැති කිරීමට


පොල්තෙල් පානය කරනව කියන්නේ නම් ටිකක් නුහුරු අත්දැකීමක් වෙයි. එත් පොල්තෙල් පානය කිරීමෙන් හෝ මුඛය සේදීමෙන් එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරලා මුඛයේ පවතින දුර්ඝන්දය නැති කර දමනවා.

ඇස් අවට ඇතිවන රැලි නැති කර ගැනීමට


ඇස් කියන්නේ ඉතාම සියුම් ඉන්ද්‍රියක්. ඇස් අවට ප්‍රදේශයත් ඉතාම සංවේදී. මේ නිසාම වයසට යාමත් සමග ඇස් අවට රැලි වැටීම, ඇස්යට කළු වීම දකින්න ලැබෙනවා . නමුත් පොල්තෙල් ඇස් අවට ආලේප කිරීම මගින් ඇස් අවට ඇතිවන මෙවැනි රැලි වැටීම් නැති කරගැනීමේ හැකියාව තියනවා.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us