ගැබිණි සමයේ ශරීරය වෙහෙසා වැඩ කරන්න හොඳද?

Published in Gossip
Wednesday, 04 February 2015 17:50

අපි අසා ඇති ආකාරයට අතීතයේදී අපගේ පැරැන්නන් තමාගේ ආහාරවේල සපයා ගැනීමට අධික වෙහෙසක් දරන්න සිදු උනා. ඔවුන් එදා හෙළු දහඩිය ඔවුන්ව ජිවත් කළා පමණක්ම නොවෙයි ඔවුන්ගේ ජීවිත නිරෝගී කරන්නට ද හේතු වුණා. ඒ වගේම වෙහෙස වී වැඩ කිරීමේදී ගැහැණු පිරිමි බාල මහළු බේදයක් තිබුනෙත් නෑ.

අද අපිට ගෙදර දොරේ වැඩ කටයුතු වගේම රැකියාව ආශ්‍රිත වැඩ කටයුතු පහසු කරන්න ඕනෑ තරම් යන්ත්‍ර සූත්‍ර හා පහසුකම් තියනවා. ඒ වුණත් අද වනවිට අප ඉතාමත් අවිවේකී කාර්යබහුල ජීවිත තමයි ගත කරන්නෙ. ක්‍රියාශීලි නොමැති කමින් බොහෝ පිරිසක් රෝගීන් බවට පත්වෙලා. ඒ නිසාම අතීතයේදී අපට ගැටලුවක් බවට පත් නොවූ බොහෝ දේ මේ වෙනකොට තරමක් බරපතළ මට්ටමේ ගැටලු බවට පත් වෙලා.

ඉස්සර දරුවෙක් ලැබෙන්නට ඉන්න කාන්තාවක් උනත් වෙහෙස නොබලා තමන්ගෙ පවුලෙ වැඩ කටයුතුවල නිරත උනා. වී කෙටුව, පිටි කෙටුව, වත්තෙ පිටියෙ කුඹුරෙ වැඩ කරා. අනිත් වැදගත්ම කාරණය තමයි දරුවො හතරපස් දෙනෙකුගෙ වැඩකටයුතුත් තනිවම කරගත්තා.

ඒ නිසාම ඔවුන් නිරෝගීව දරුවන් බිහි කළා. නමුත් අද වනවිට ඒ තත්ත්වය තරමක් වෙනස් වෙලා. ඇතැම් කාන්තාවන් දරුවකු ලැබෙන්නට සිටින නිසා එය අමුතුම ආකාරයේ අසනීපයක් යැයි සිතා සිටිනවා.

ඒ නිසා දරුවෙකු ස්වභාවිකව බිහි කරන විට (නොමල් ඩිලිවරි) අවශ්‍ය වන ශරීරික ශක්තිය ඔවුන් විසින්ම නැති කරගනු ලබනවා. තමාගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් නිසා කම්මැලිව ඇඳකට වී කාලය ගත කළොත් ඔවුන්ට අවශ්‍ය ව්‍යායාමය මඟහැරී යනු ලබනවා. ඒ ව්‍යායාම නොමැතිකම නිසා දරුවෙකු බිහි කිරීමේ ක්‍රියාවලියේදී දරුවා ප්‍රසූතිය සඳහා අවශ්‍ය පීඩනය යෙදීමට තරම් ශක්තිමත් භාවයක් නොමැති කමින් පීඩාවට ලක් වෙනවා.

ගැබිණි සමයේ ව්‍යායාම වල නිරත වීමෙන් ඇතිවන ප්‍රතිලාබයන් වන්නේ,pregnant33

  • ගැබිණි සමයේ ඇතිවන කොන්දේ වේදනාව, මලබද්ධය, කෙඩෙත්තු ගතිය මේ නිසා අඩු වේ.
  • ඒවගේම ශරීරයට සැහැල්ලු බවක් ලැබේ.
  • නියමාකාර බරක් පවත්වා ගත හැක.
  • රාත්‍රියේ සුවබර නින්දක් ලබාගත හැක
  • ගැබිණි සමයේ ඇතිවන ආතතිය මග හරවා ගැනීමටද ව්‍යායාම වල නිරත වීම උදව් වේ.
  • ඒවගේම දරු ප්‍රසුතිය සඳහා අවශ්‍ය මානසික මට්ටම ලබා ගැනීමටද ව්‍යායාම කිරීම උදව් විය හැක
  • දරු ප්‍රසුතියෙන් පසු ඔබ ශරීරයේ හැඩය පවත්වා ගැනීමටද හැකියි.
  • ගැබිණි සමයේදී බොහෝ මව්වරුන්ට දියවැඩිය රෝගයට ගොදුරු වීමේ අවධානමක් පවතියි. රුධිරයේ සීනි මට්ටම නිසි ආකාරයෙන් පවත්වා ගැනීමටද ව්‍යායාම වල නිරත වීම උදව් වේ.
  • ඒවගේම හදවතට හොඳ රුධිර සැපයුමක් ලැබීමටද ව්‍යායාම කිරීම හොඳ දෙයකි.

ඒ නිසා ඔබ අවබෝධ කරගත යුතු වටිනාම දේ වන්නේ ගැබිණි බව යනු අසනීපයක් නොවන බවත් ශරීරික ව්‍යායාම මවකට දරු ප්‍රසූතිය පහසු කරන බවත්ය. ඒ නිසා අදාළ ව්‍යායාම හරහා මාංශ පේෂි ශක්තිමත් කර ගැනීම හා එදිනෙදා ගෙදර දොරේ වැඩ කටයුතුවල නිරත වීම වැනි දේ මඟින් දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය ශරීර ශක්තිය වර්ධනය කර ගත හැකියි.

මේ කරුණු කාරණා කෙසේ වුවත් ව්‍යායාම හෝ ශරීරය වෙහෙසීම නුසුදුසු අයද සිටිනවා. එසේ ශරීරය වෙහෙසීමට නුසුදුසු අය බවට පත් වන්නේ හෘද රෝග, රුධිර පීඩනය වැනි විශේෂිත අවදානම් තත්ත්වයන්ගෙන් පෙළෙන අයයි.

ඒ හැරුණු විට ශරීරය තරමක් වෙහෙසා වැඩ කළ පමණින් ඔබගේ ගැබිණි බවට යහපතක් මිස අයහපතක් නොවන බවත් එම ව්‍යායාම අධික වෙහෙසක් ගෙන දෙන ඒවා නොවිය යුතු බවද හොඳින්ම මතක තබා ගැනීම වැදගත්.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us