උමාඔය මහා පරිමාණ ව්‍යාපෘතියක්, මහා පරිමාණ වංචාවක් ,මහා පරිමාණ විනාශයක්

Published in පුවත්
Thursday, 05 February 2015 18:33

උමාඔය බහු කාර්ය යෝජනා ක්‍රමය රාජපක්ෂ රජය විසින් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉරානයට ලබාදුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද(05) අවධාරණය කළේය. එය කැනේඩියානු රජය ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු ව්‍යාපෘතියක් බවත්, රාජපක්ෂලාගේ වුවමනාව මත ඉරාන ණයක් ලෙස ගෙන ඩොලර් මිලියන 532කට එකඟවී එහි කොන්ත‍්‍රාත්තුව ඉරානයේ පරාබ් කොම්පැණියට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදුන් බවත් අනුර කුමාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම ව්‍යාපෘතිය, ආරම්භ කරනු ලැබුයේම රටේ නීති උල්ලංඝණය කරමින් බවත් මෙවැනි ව්‍යාපෘතියකට මුල්ගල් තැබීමට ප‍්‍රථම පරිසර බලබෑම් තක්සේරු වාර්තාවක් සකස්කර පුර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු නමුත් නීතිමය ප‍්‍රතිපාදනයන් උල්ලංඝණය කර රුපියල් ලක්ෂ දෙසිය හැටක් (260ක්) කාබාසිනියා කරමින් මුල්ගල් තැබිමේ උළෙල සිදුකරනු ලැබු බවත් දිසානායක මහතා පැවසුවේය.

මධ්‍යම කඳුකරයේ දැවැන්ත උමං පද්ධතියක් ඉදිකිරිමටත් ජලාශ, විදුලි බලාගාර ඉදිකිරිමටත් මෙම ව්‍යාපෘතිය මගින් යෝජනා කෙරුණි.

පරිසරවේදින්, බුද්ධිමතුන් හඬනගා එරෙහි වෙද්දී එම විරෝධතා නොසලකා ඇරඹි ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලින් මේ වන විට කොටසක් නිමකර ඇතිබවත් නිමකිරීමට ඇති කොටස් නිමකළ කොටසට වඩා වැඩි අතර මේ වන විට සිදුකර ඇති ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉහළ ඌවේ මධ්‍යම කදුකරයේ විශාල සමාජීය, පාරිසරික, ආර්ථික හානි මේ වන විට වාර්තාවෙමින් පවතින බව ඔහු පැවසුවේය.

''කඳු නායයාම, කඳුබිම් පිපිරීමට ලක්වීම, ළිං හා උල්පත් සිදියාම, නිවාස, ආගමික ස්ථාන ඉරිතැලීම් පිපිරිම් හා ගිලාබැසීමට ලක්වීම, ගොවිබිම් විනාශවීම, ජනතාව අවතැන්වීම, වන්දි ගෙවීමේ විවිධ අක‍්‍රමිකතා හා අවිධිමත් ක‍්‍රියාවලින් සිදුවීම, ජනතාවගේ ගොවිතැන් කටයුතු අඩාලවීම, ජීවන වෘත්තිය අහිමි විමත්, අහිමිවීමෙන් ආර්ථික ගැටළුවලට මුහුණ දීමටත් සිදුවීම මෙම ව්‍යාපෘතියෙන් මේ වන විට සිදුවි ඇති හානියයි. එසේම මීට වැඩි හානියක් ඉදිරියේ සිදුවන බව අපගේ විශ්වාසයයි. එහි ආසන්නතම විනාශය වාර්තා වන්නේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙනුයි. මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල, හීල්ඔය, මැදපේරුව, පල්ලේපේරුව යන ග‍්‍රාම නිලධාරි වසම්වල පානීය ළිං 120ක් පමණ සම්පුර්ණයෙන් හිඳීගොස් ඇති අතර තවත් ළිං 150ක පමණ ජල මට්ටම සිඝ‍්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. නිවාස 90ක් පමණ ඉරිතලා පුපුරා ගොස් ඇති අතර පොළව විශාල ඉරිතැලීම් හා පිපිරිම්වලට ලක්ව ඇත. මෙම තත්ත්වය ක‍්‍රමක් ක‍්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.''


''
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමග කි.මී. 15.2ක් දිගින් යුක්ත වන අතර එම උමඟ මේ විශාල වශයෙන් ජනාවාස වූ ගම්මාන යටින් ඉදිවෙමින් පවතිනවා. එම උමඟෙන් කි.මී. 04ක් පමණ ඉදිකරන විට මෙම තත්ත්වය පැනනැගි තිබෙනවා. එම උමගේ තවත් කි.මී. 11ක දුරක් ඉදිකිරීමට නියමිතය.
පිදුරුතලාගල කඳු මුදුනෙනුත්, හෝර්ටන් තැන්නෙනුත් උපත ලබා පෝෂිත වන උමා ඔය ඌවේ මහාඔය නම් වේ. මෙම ඔය කි.මී. 75 දුරට ගලාබසී. මෙම උමාඔය නිම්නයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජිවත්වෙනවා. ඔවුන්ගේ ජීවිත රඳා පවතින්නේ මෙම දියදහර මතයි. එපමණක් නොව මහවැලි මහා ව්‍යාපාරයේ රන්ටැඹේ ජලාශයට මෙම ඔයේ ජලය එකතු වී මහවැලි සී හා බී කලාපවලටද දියවර සපයනවා. එලෙසම මිනිපේ අමුණටත් උමාඔයේ දියවර දායකත්වය සපයනවා. ඒ අනුව බලන කල බදුල්ල, නුවරඑළිය, අම්පාර, මාතලේ, මහනුවර, පොළොන්නරුව හා මඩකළපුව දිස්ති‍්‍රක්කවලටද මෙම උමාඔය දියවර සපයයි. ''


''
මේසා මහා මෙහෙයක් කරන උමාඔය, රාජපක්ෂලාගේ සංවර්ධන සිහින සැබෑ කිරිම උදෙසා එනම් හම්බන්තොට, ගුවන් තොටුපළ, හා වරාය දක්වා ගෙන යාමට මෙම සැලසුම් කරනු ලැබුවා. කැනේඩියානු රජය ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ මෙම ව්‍යාපෘතිය රාජපක්ෂලාගේ වුවමනාව මත ඉරාන ණයක් ලෙස ගෙන ඩොලර් මිලියන 532කට එකඟවී එහි කොන්ත‍්‍රාත්තුව ඉරානයේ පරාබ් කොම්පැණියට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදුන්නා. මහා පරිමාණ ව්‍යාපෘතිවලින් මහා පරිමාණ වංචා සිදුවුවා වාගේම මහා පරිමාණ විනාශද සිදුවෙමින් තිබෙනවා. ''

මේ තත්ත්වය තුළ මෙම උමාඔය ව්‍යාපෘතිය ආශ‍්‍රිතව පැන නැගී ඇති පහත ගැටළු පිළිබඳව අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.


1. උමා ඔය ව්‍යාපෘතියේ පාරිසරික ඇගයීම් වාර්තාව මුල් ගල තැබීමෙන් පසුව ඉදිරිපත් කිරීම සම්මත පටිපාටිය උල්ලංඝණය කිරීමක් නොවන්නේද?


2. ව්‍යාපෘතිය ආශ‍්‍රිත මේ දක්වා උද්ගත වී ඇති පාරිසරික හා සමාජීය ගැටළු සමාලෝචනය සඳහා ගනු ලැබ ඇති පියවර කවරේද?


3. හඳුනා ගනු ලබන හානි පූර්ණය වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය කිරීමක් සිදුනොවන්නේද?


4. වෘපෘතියේ මූල්‍ය අක‍්‍රමිකතා සහ ඊට වගකිවයුත්තන් සොයා බැලීම සඳහා ගන්නා වූ ක‍්‍රියාමාර්ගය කුමක්ද?


5. අදාළ විද්වතුන්, බුද්ධිමතුන්, පරිසරවේදීන් සම්බන්ධ කරගනිමින් සමස්ත ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කර ඒ පිළිබඳ විද්‍යානුකූල නිගමනයකට එළඹීමට පියවර ගනු ලබන්නේද?

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us