රජයේ මුදල් කෝටි 800ක් ජනාධිතිවරණයට වැය කළ හැටි හෙළි කරන්න යයි

Published in පුවත්
Friday, 06 February 2015 07:37

ජනාධිතිවරණ කටයුතු සඳහා රජයේ මුදල් රුපියල් කෝටි 800 ක්‌ වියදම් කළ අයුරු ඒ ඒ ලේකම්වරුන්ගේ නම් ගම් ඇතිව අයවැය විවාදය අවසානයේදී හෙළි කරන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අතුරු අයවැය විවාදය ආරම්භ කරමින් මුදල් ඇමැතිවරයා එසේ කීය.

2015 වසර සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනා පිළිබඳ විවාදය ආරම්භ කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා මෙසේ කීය.

අනවශ්‍ය වියදම් ඉවත්කොට ජනතාවට සහන දීමටයි අපි අතුරු අයවැයක්‌ ඉදිරිපත් කර තිබෙන්නේ. ප්‍රශ්න දෙක තුනක්‌ තිබෙනවා. නමුත් අපි යම් සාර්ථක පියවරක්‌ ගත්තා කියලා පැහැදිලි වෙනවා. ඊට ලැබෙන ප්‍රතිචාර මගින් අපේ රටේ ආර්ථිකය දැන් කඩාවැටිලා තිබෙනවා. රටේ සම්පූර්ණ ණය බරතාවය රුපියල් ලක්‍ෂ නවයකට විසිතුන් දහසකට වැඩිවෙලා තිබෙනවා.

කලින් කිව්වේ හයලක්‍ෂ ගණනක්‌ පමණ කියලා අපි අතුරු අයවැයෙන් නාස්‌තිකාර හා අනවශ්‍ය වියදම් කපාහැරලා අලුත් ආදායම් අපි උපදවා තිබෙනවා. වාහන සහ මන්දිර බද්ද ගැන යමක්‌ කිව යුතුයි. අපේ රටේ කිසියම් පිරිසක්‌ පසුගිය වසර කිහිපය තුළ සිදුකර ගත් ඉපැයීම්වලින් තමයි. අපි මිලියන 1500 ක්‌ විතර හොයා ගන්නේ. ගෙවල් 1000 ක්‌, 1500 ක්‌ විතර තමයි මීට අයත් වන්නේ. අපි මෙය සරල කරනවා ගෙවන්න පුළුවන් විදිහට.

අනෙක තමයි වාහන බද්ද. අපි 1000 සී. සී. වාහනවල තීරු බදු අඩු කළා 15% 20% අතර ප්‍රමාණයකින්. යම් විෂමතාවක්‌ තිබ්බා. 120% කින් පමණ එය දැන් අපි 80% පමණ දක්‌වා අඩු කළා. අනෙක්‌ බද්ධ තමයි සුපිරි සමාගම්වලින් අයකරන බද්ද. සී. එස්‌. එන්. වගේ නාලිකා ඒ අය පසුගිය කාලයේ වතුර, විදුලි බිල් ගෙවලත් නැහැ.

ඔවුන් අසීමිත ලෙස මුදල් ඉපැයුවා. ඒ අයට බැරිද රුපියල් මිලියන 1000 ක්‌ ගෙවන්න. අපි මේ පෞද්ගලික තරහක්‌ නොවෙයි පිරිමහන්නේ. අපි දැන් මේ වන විට ප්‍රායෝගිකව හැකි දේවල් ඉදිරිපත් කර තිබෙනවා. මේ තුළින් අයවැය හිඟය 4% ක්‌ වැනි තත්ත්වයකට ගෙනත් තිබෙනවා.

පසුගිය රජය මිලියන 8000 ක්‌ පමණ ඡන්ද වැඩවලට භාවිත කරලා තියෙනවා. මොන ලේකම් කොයි විදිහටද මේ මුදල් වියදම් කර තිබෙන්නේ කියලා අපි කියන්නම්. මේ අයවැය විවාදය ඉවරවෙනකොට ඒ සියලු තොරතුරු කියන්නම්. අපට පම්පෝරි ගසන ආර්ථිකයක්‌ අවශ්‍ය නැහැ. අපේ ජනාධිපති සහ අගමැති රටේ තඹ සතයක්‌වත් දූෂණයට ලක්‌වෙන්න දෙන්නේ නැහැ කියලා කිව යුතුයි.

Last modified on Friday, 06 February 2015 07:44

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us