එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සාධනීය විවෙචන ඇති බවත් පෙන්වා දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් මෙස්සේද පැවැසීය,
මුදල් ඇමැතිවරයා විපක්ෂයේ සිටියදී කළ ඒ විවේචන දැන් සාධාරණීකරණය කරනවා. අපේ කිසිම ගැටලුවක් නැහැ. රාජ්‍ය සේවකයන්ට ලබා දුන් සහන ගැන. මෙයින් විපක්ෂයට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මොකද මේ අයවැය සම්මත කරන්න විපක්ෂයේ ඡන්දය අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ගෞරවය අපටත් ලැබෙනවා. මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ විවිධ අමාත්‍යංශවල මුදල් තව තැන්වලට දාලයි. පෙට්ටියෙන් වට්ටියට දාලා තිබෙනවා. ඒවගේම නව ආදායම් ඉපයීමට මුදල් ඇමැතිතුමා කර තිබෙන යෝජනා කොතරම් ප්‍රායෝගික වේදැයි කියා බලන්න වෙනවා. කැසිනෝ සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියලයි කිව්වේ.